Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2018 21:03:23 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පුස්තකාල පොත් ප්‍රදානයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස් විසින්, කොළඹ ජාතික පුස්තකාලයේ කලණ වාකිෂ්ට මහතා ගේ සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ වාකරේ ප්‍රදේශයන්හි පුස්තකාලයන් වෙත පොත් තොගයක් පරිත්‍යාගය කරන ලදි.

වැලිකන්ද ප්‍රදේශයේ මදුරන්ගල මහා විද්‍යාලය, කුරුලුබැද්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලයේ පුස්තකාලයන් වෙත මෙසේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පොත්පත් පරිත්‍යාග කරන ලදි.

මීට අමතරව, පරිත්‍යාගශීලින් විසින් පලච්චිනි දමිළ විද්‍යාලයේ සහ කතිර‍වේලි ප්‍රදේශයේ කාන්තා ළදරු නිවාසයේ ළමුන් වෙත කතන්දර පොත්, සුරංගනා කථා, නවකතා ඇතුළු දමිළ භාෂා පොත් තොගයක් ද පරිත්‍යාග කරන ලදි. මෙම අවස්ථාවට නිලධාරින්, සෙසුනිලයින් සහ පොත් පරිත්‍යාගශීලින් ‍පිරිසක් ද සහභාගි වුහ.

Sport media | Nike Air Max 270