Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් දිළිඳු පවුලක් වෙත නව නිවසක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් මීරිගම, ‘ගෞතම දරුවෝ ආර්ය පදනම’ හි අනුග්‍රහය ඇතිව වැලිකන්ද, මෛත්‍රීගම පදිංචි දිළිඳු පවුලක් වෙත නව නිවසක් ඉදිකර දෙන ලදි.

මෙම නව නිවස හිමි වූ අනුර කුමාර මහතා දෙදරු පියෙකු වන අතර, ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති ඔහු මීට පෙර කුඩා අතු පැළක ජීවත්විය. මේ පිළිබඳව දැනගත් ගෞතම දරුවෝ ආර්ය පදනමේ සාමාජිකයන් එම පවුලේ ජීවන තත්වය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව සති කිහිපයක් තුල ඔවුන් වෙත නව නිවසක් ඉදිකිරීමට කටයුතු කරන ලදි.

මෙම නිවස ප්‍රදානය කිරීම ඉරිදා (16) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, එහිදි එතුමා විසින් සංකේතාත්මකව ඵලකය නිරාවරණය කර නව නිවසේ යතුරු අනුර කුමාර මහතා වෙත භාරදෙනු ලැබීය.

ගෞතම දරුවෝ ආර්ය පදනමේ නියෝජිතයින්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේ සහ අනෙකුත් ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike footwear | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf