Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2017 21:13:07 Hours

යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට 2017.01.16 දින පවත්වන විරෝධතාවය පිළිබඳවයි

(මාධ්‍ය නිවේදනය)

ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා ක්‍රියාන්විත රාජකාරායේදි ආබාධිත තත්වයට පත්විමෙන් පසුව යක්කල රණවිරු ඇපරල්ස්හි සැහැල්ලු රාජකාරී සඳහා යොදවා තිබු අතර, එම ස්ථානයේ සහෝදර සෙබළුන්ගේ සුභසාධනය උදෙසා පවත්වාගෙන ගිය සහන ණය යෝජනා ක්‍රමයේ විෂය භාර ලිපිකරු ලෙස රාජකාරි කර ඇත. එම කාල සීමාව තුල මෙම සහන ණය යෝජනා ක්‍රමයේ සිදුවි ඇති මුල්‍යමය වංචාවක් සබැඳිව යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සිදු කරන ලද විගණනයේදි නිරික්ෂණය වු කරුණු අනුව එම මුල්‍යමය වංචාව පිළිබඳව කරුණු සෙවීම සඳහා මුලික පරීකෂණයක් පවත්වා ඇත.

මෙම පරික්ෂණයේදී සිදුවී ඇති මුල්‍යමය වංචාවට, එම සහන ණය යෝජනා ක්‍රමය භාර නිළධාරී සහ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා සෘජුවම වගකිව යුතු බව තහවුරු වී ඇති අතර, මේ පිළිබඳව ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් එම පරික්ෂණයේදි ලබාදෙන ලද සාක්ෂි විමසීමේදී ඔහු විසින් තම සහෝදර සෙබළුන්ගේ නාම ලේඛණ ව්‍යාජ ලෙස සකසා මෙම මුල්‍යමය වංචාව සිදු කර ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව අදාළ පරීක්ෂණ මණ්ඩලයේ නිගමනයට අනුව ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩාගෙන් රු.465,525/=ක මුදලක් අයකර ගත යුතු බවට නිගමනය වී ඇති අතර, යුද්ධ හමුදාධිපති තුමාගේ නිගමනයෙන් ද ඒ බව තහවුරු කර ඇත.

යුද්ධ හමුදාධිපති තුමන්ගේ නිගමනයට අනුව ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් ගෙවිය යුතු රු.465,525/= ක මුදලින් රු.250,000/= ක් මොහු විසින් ගෙවා ඇත. මොහු 2013 අගෝස්තු මස 26 වන දින සිට 50% වෛද්‍ය වර්ග කිරිම මත රු.65,597.56 ක මාසික වැටුප් සහ මාසික දුබලතා විශ්‍රාම වැටුපක් සහිතව විශ්‍රාම ගොස් ඇත. එබැවින් මොහුගෙන් තවදුරටත් අදාල ණය යෝජනා ක්‍රමයට අයවිය යුතු හිඟ මුදල වන රු.215,252/= ක මුදල ඔහුට හිමි පරිතෝෂික දිමනාවන්ගෙන් අයකර ගැනිමට කටයුතු සිදුකර ඇත. ඒ අනුව ඔහුට හිමි පාරිතෝෂික දිමනා සහ විශ්‍රාම වැටුප සැකසිම පිළිබඳව අවශ්‍ය අවසන් නිෂ්කාශන කටයුතු සමථයකට පත්කර ගැනිම සඳහා ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩාට ඔහු අයත් ඒකකය වෙත රපෝර්තු කරන ලෙස ලිඛිතව සහ දුරකථන මගින් දැනුවත් කර ඇතත් ඔහු මේ දක්වා ඒකකය වෙත රපෝර්තු කර නොමැත.

තම සහෝදර ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා ගොඩනගා තිබු මෙම ණය යෝජනා ක්‍රමයේ මුදල් මෙලෙස අයථා ලෙස වංචා කර තිබියදිත්, මොහුගේ ආබාධිත තත්වය සළකා මොහුට එරෙහිව යුද්ධ හමුදාව දැඩි විනය මාර්ග නොගෙන කටයුතු කර ඇත.එවැනි තත්වයක් තුලදි ද ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය හුදෙක්ම යුද්ධ හමුදාව පිළිබඳව මහජනතාව තුල අපකීර්තියක් ඇති කිරිම මෙන්ම යුද්ධ හමුදාවේ කීර්තිනාමයට හානි කිරිමේ අදිටනින් යුතුව සිදුකර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුද්ධ හමුදා මුලස්ථානය දන්වා සිටියි. (නිමාව)

Sports brands | Sneakers