Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ රිදී පදක්කම් ලාභීන් දිවයිනට

ඉන්දියාවේ, බුබානේස්වර්හි දී පැවති 22 වන ආසියානු මළල ක්‍රීඩා ශුරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අඟහරුවාදා (11) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.

මෙම තරඟාවලියේ දී 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා, කාන්තා සෙබළ එච්.එල්.එන්.ඩි. ලේකම්ගේ මීටර් 58.11 ක දුරක් හෙල්ලය විසි කරමින් රිදී පදක්කම දිනාගත් අතර, එය ඇයගේ හොඳම දක්ෂතාවය ලෙස ද වාර්තා වේ.

එමෙන්ම, යුද්ධ හමුදාව නියෝජනය කරමින් ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් එම්.ජි.ඒ. ප්‍රේමකුමාර හා කෝප්‍රල් එච්.එම්. දිල්ප් රුවන් සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් කෝප්‍රල් එච්.කේ.කේ. කුමාරගේ 4 X 400 සහය දිවීමේ තරඟය සඳහා සහභාගි වු අතර, එහිදි 3.04.80 කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම හිමි කරගනු ලැබීය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් මෙම ජයග්‍රහකයින් පිළිගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටි අතර, ක්‍රීඩා අමත්‍යංශය සහ ජාතික ඕලිම්පික් කමිටුව මේ සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.

Sports Shoes | nike