Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2018 19:09:07 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු ක්‍රීඩා කමිටුව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’, අඟහරුවාදා (4) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ අතර තරඟාවලිය සඳහා දිවයින පුරා පිරිමි අත්පන්දු කණ්ඩායම් 23 සහ කාන්තා අත්පන්දු කණ්ඩායම් 5 ක් තරඟවැඳිමට නියමිතය.

මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිමල් විදානගේ සහභාගි විය. තවද මෙම අවස්ථාව සඳහා තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් අතුල හැන්නදිගේ ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ.

මෙම තරඟාවලිය දෙසැම්බර් මස 4 දින සිට 8 දින දක්වා පැවැත්වෙන අතර එහි අවසන් තරඟය සෙනසුරාදා (8) දින පැවැත්වීමට නියමිතය.

2009 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට අත්පන්දු ක්‍රීඩාව හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කමිටුව එක්ව ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කිරීම සඳහා විශාල දායකත්වයක් දක්වනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම අත්පන්දු තරඟාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය කරන ලද විශාලතම අත්පන්දු තරඟාවලියවේ.latest Nike release | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News