Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2017 17:27:18 Hours

යුද්ධ හමුදාව ‘බෙත්ලෙහම්පුරයේ දරුවා’ නෙළුම් පොකුණේදි රඟදක්වයි

උදාවන නත්තල් උළෙල සහ 2018 නව වසර සැමරිම වෙනුවෙන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය සහ යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් ශාඛාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේදි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් ‍සේනානායක ගේ ආරාධන‍යෙන් උත්සවයේ සම්භාවනීය අමුත්තා වූ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් සහ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ‍වශයෙන් සපැමිණි ආරක්ෂක ලේකම් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සමගින් මෙම විශේෂ කිතුණු මෙහෙය සඳහා සහභාගි වූහ.

උත්සවයේ සම්භාවනීය අමුත්තා සහ ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් ‍සේනානායක සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් හරින් පෙරේරා විසින් නෙළුම් පොකුණ රඟහල ඇතුලුවිමේ දොරටුව අභියස දී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන, යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ බියුගල් නලා හඩ මධ්‍යයේ උත්සව සභාව වෙත කැඳවාගෙන යනු ලැබීය.

මිරිස්වත්ත ශාන්ත ආනා දේවස්ථානයේ දේවගැති පුජක ප්‍රසන්න රොහාන් පියතුමන් විසින් හදුන්වාදිමේ කථාව සිදුකරන ලද අතර යුද්ධ හමුදා නත්තල් කැරොල් බැති ගී කණ්ඩායම ඇතුලු අනෙකුත් නත්තල් බැති ගී කණ්ඩායම් හි කැරොල් ගී ගායනයෙන් රංඟ ශාලාව වර්ණවත් විය.

යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැති අනුශාසක බෙනඩික් ජෝෂප් පියතුමන් විසින් සමාරම්භක යාඥා මෙහෙය පවත්වන ලදී.

සම්භාවනීය අමුත්තා වශයෙන් සපැමිණී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් බයිබලයේ ශුද්ධ වු වැකි උපුටා ගනිමින් නත්තලේ සැබෑ අරුත සිය නත්තල් පණිවුඩය තුලින් ප්‍රකාශ කරන ලදි.

‍යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, ලේකම් බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න ඇතුළු ‍යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදි ‍ලෝකයේ සාමය, සතුට හා සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථානා කරමින් සාමයේ කුමරා වු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව සිංහල, දමිල සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම බැති ගී ගැයිනි.

ප්‍රභුද්ධ කලාකරුවන් සමගින් යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ බැති ගී කණ්ඩායම, ද මැස්නොඩ් විද්‍යාලීය බැති ගී කණ්ඩායම, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ බැති ගී කණ්ඩායම සහ ශාන්ත බ්‍රිජේට් කන්‍යාරාමයේ බැති ගී කණ්ඩායම් සමගින් යුද්ධ හමුදා බැති ගී කණ්ඩායම ගායනා කරන ලද නත්තල් බැති ගී වලින් මෙම කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් විය.

ජනප්‍රිය ගායක ගායිකාවන් වන මයිකල් ක්‍රිස්ටින්, දිනේෂා චන්ද්‍රසිරි, ඉෂාන්ත ද අන්ද්‍රාදෝ, දයාන් ද ෆර්නැන්ඩෝ, කොරින් අල්මේදා, අනිල් භාරතී, රොනී ලීච්, මරියසෙල් ගුණතිලක යන මහත්ම මහත්මින්, ගරු ප්‍රසන්න රොහාන් පියතුමන්, ලුතිතන් කර්නල් ලක්ෂ්මන් ප්‍රනාන්දු, කපිතන් ඩෙමියන් මැක් ලියෝඩ්, රණවිරු රියල් ස්ටාර් ගායක ගායිකාවන් ගායනා සහ යුද්ධ හමුදා පවුල්වල දරුවන් විසින් ඉදිරිපත් කරන ලද නත්තල් බැති ගි ගායනාවන්ගෙන් පැමිණි සිටි නරඹන්නන් අමන්දානන්දයට පත්විය.

ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂලිනි වෛද්‍යරත්න මහත්මිය සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්වුහ.

2017 නත්තල් කැරොල් ගී ප්‍රසංගය සදහා හිටපු යුද්ධ හමුදාධීපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, සියළුම රෙජිමේන්තුවල රෙජිමේන්තු අධිපතිවරුන් සහ කර්නල් සේනාවිධායකවරුන්, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, නිලධාරින්, රණක්ෂිතයට පත් රණවිරුවන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් කතෝලික සංගම් සමාජිකයින් සහ සෙසු නිලයින් සමගින් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ළමුන් ද සහභාගි විය.

bridgemedia | Men’s shoes