Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාව සංවිධානය කරන ලද පාපන්දු තරඟාවලියට මූලතිව් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයින් 200 කට අධික පිරිසක් සහභාගි වෙයි

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රජගුරු ගේ සංකල්පයකට අනුව මුලතිව් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාපන්දු ක්‍රීඩා කෞෂල්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අරුණ අරියසිංහ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සෙනසුරාදා (16) දින පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.

මෙම තරඟාවලිය සඳහා ප්‍රදේශයේ කණ්ඩායම් 32 ක් සහභාගිවූ අතර ඉරනපලෙයි මහජන ක්‍රීඩාංගණය, පුදුකුඩුඉරිප්පු මහජන ක්‍රීඩාංගණය, විජයබාහු පාබල රෙජිමේන්තු ක්‍රීඩාංගණය සහ 68 වන සේනාංක ක්‍රීඩාංගණයේ දී සමාරම්භක උත්සව පැවැත්විණි. යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ නිරීක්‍ෂණය යටතේ පැවැති මෙම තරඟාවලිය සඳහා සිවිල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩකයින් 200 කට අධික පිරිසක් සහභාගී වූහ. තරඟයේ පළමුවටය එදින අවසන් විය.

මෙවර තරඟාවලියේ අවසන් මහා තරඟය මාර්තු මස 2 වන දින පුදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. Best jordan Sneakers | Nike Shoes