Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2018 20:05:23 Hours

යුද්ධ හමුදාව විසින් ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් තවදුරටත්

ගංවතුර තත්වයෙන් පීඩාවට පත් කෑගල්ල, කළුතර, පොළොන්නරුව, මහනුවර, ගාල්ල, රත්නපුර, ගම්පහ, පුත්තලම, මාතර, කුරුණෑගල, බදුල්ල, කොළඹ යන දිස්ත්‍රික්කයන් වෙත සිකුරාදා (25) දින සන්ධ්‍යාව වන විට සියගණනින් වු යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇති අතර ඔවුන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයන් හා සම්බන්ධිකරණයෙන් යුතුව ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම් කටයුතුවල අඛණ්ඩව නිරතව සිටී.

බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රදේශයේ නායයෑමේ අවධානමක් සහිත කඳුකර ප්‍රදේශයක ජීවත් වු අසරණ මහලු මවක් පිළිබඳව තොරතුරක් 58 වන සේනාංකයට අයත් 582 බලසේනාවේ 9 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් වෙත වාර්තා වීමෙන් අනතුරුව ඔවුන් ඉතා නිර්භයව දණක් ගැඹුරු ජලයේ ගොස් එම මව ආරක්‍ෂිතව බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙනවිත් රෝද පුටුවක් ආධාරයෙන් යටගම්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලිකව නවාතැන්ගන්වන ලදී. මේ සඳහා 9 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් 19 දෙනෙකු දායක වුහ. එමෙන්ම කාර්ගීල්ස් පුද්ගලික සමාගම මගින් නොමිලේ බෙදාදීමට ලබාදුන් වියළි සළාක බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඇසුරුම් කිරිම සඳහා බ්‍රහස්පතින්දා (24) දින පස්වරු 7.00 ට පමණ එම බලසේනාවේ භටපිරිස් සහාය දක්වන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි සියළුම ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක සහ බලසේනාංකයන් හි භට පිරිස් ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශයන් හී ගලවාගැනිමේ සහ සහන සේවා කටයුතු සඳහා සුදානම් ව තබා ඇති අතර 2018 මැයි මස 20 වන දින සිට දිවයිනට බලපෑ ඇති අධික වර්ෂාපතනය සහිත අයහපත් කාලගුණික තත්වයට මුහුණු දීම සඳහා යුද්ධ හමුදා භට කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක භට පිරිස් 1200 ක් ඉදිරි පැය කිහිපය තුලදී පවතින වැසි සහිත කාලගුණික තත්වය බලාපොරොත්තු නොවු විරු පරිදි අයහපත් වුවහොත් ඒ සඳහා මුහුණ දීමට සුදානම්ව සිටි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමුඛත්වයක් මත ගංවතුරින් පීඩාවට පත් ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබාදීම, තවදුරටත් ජලයෙන් යටවු ප්‍රදේශයන්හි ජනතාව මුදාගැනීම, වැව් අමුණු කැඩියාම වැලැක්වීම සඳහා වැලි කොට්ට යොදා ක්‍ෂණිකව අළුත්වැඩියා කටයුතු සිදුකරනු ලබයි. (මේ සැබැදි පුවත් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය වන www.army.lk වෙබ් අඩවියේ ‘උණුසුම් පුවත්’ සහ ‘පුවත් විශේෂාංග’තිරුවෙහි පලකර ඇත)

රාගම පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේ ගසක් කඩාවැටිමෙන් රෝහලේ ගොඩනැගිලි කිහිපයකට අලාභ හානි වු අතර 141 වන බලසේනංකයේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් 24 වන දින සන්ධ්‍යාවේදී එම ගස හා ගොඩනැගිලි සුන්බුන් ඉවත් කිරිමේ කටයුතුවල නිරතවුහ.

මීට අමතරව, 142 වන බලසේනාංකයේ 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අඹතලේ ජල පොම්පාගාරය අසළ තැන්පත්වු කුණු රොඩු ඉවත්කර කිසිදු බාධාවකින් තොරව ජලය ගලා බැසයාමට ඉඩ සලසා ඇත. (මේ සැබැදි පුවත ‘www.army.lk’ වෙබ් අඩවියේ ‘උණුසුම් පුවත්’ තිරුවෙහි පලකර ඇත)

අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර කැලණි ගඟේ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම බිඳියාමේ අවධානමක් ඇති බව දැනගැනීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා (24) දින මධ්‍යහනයේ 14 වන සේනාංකයේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය.

පාලම දෙපස ඉවුර ඛාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින කඩුවෙල පාලම වෙනුවට 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවතින අයහපත් කාලගුණික තත්තවය හේතුවෙන් විපතට පත්විය හැකි සිවිල් ජනතාව ආපදා තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා ගලවාගැනීමේ මෙහෙයුම් පිළිබඳව අධීක්ෂණය කරමින් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ආපදා කළමනාකරණ දෙපාරතමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්දතාවයෙන් යුතුව කටයුතු කිරීමට සුදානමින් සිටින ලෙස දිවයින පුරා සියලුම යුද්ධ හමුදා කඳවුරු වෙත උපදෙස් ලබාදී ඇත.

බස්නාහිර පළාත තුල මල්වාන පහුරු ඹය ප්‍රදේශයේ ඇති කැළණි ගඟේ බැම්ම බ්‍රහස්පතින්දා (24) දින 141 බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ 12 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් යොදවා වැලි කොට්ට ඇසිරීම මගින් ජල කාන්දුව වලක්වාලීමට සමත් වුහ.

මේ අතරතුර, මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ භට පිරිස් නාවලපිටිය ප්‍රදේශයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා සහයෝගය ලබාදුනි.

111 වන බලසේනාවේ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස් විසින් නාවලපිටිය ප්‍රදේශයේ විශාල වශයෙන් නාය යෑමට ලක්විය හැකි කිතුල්කොටේ, ජයසුන්දරගම සහ ලබුවැල්කොටුව ප්‍රදේශයන් හී ජනතාව නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය, ජයසුන්දරගම ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය සහ ලබුවැල්කොටුව මුස්ලිම් දේවස්ථානයේ තාවකාලීකව නවාතැන් ලබාදීමට කටයුතු කළහ.

 

එමෙන්ම, සෝලන්කන්ද ප්‍රදේශයේ ජිවත්වන ජනතාව ද එම ප්‍රදේශයෙන් ඉවත් කර සෝලන්කන්ද කතෝලික දේවස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලබාදීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ඉරණවිල, උඩප්පුව, පාතවැව සහ වලහපිටිය යන ප්‍රදේශයන්හි ජනතාවට ආහාර පාන, වතුර බෝතල්, වියළි ආහාර, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ අනෙකුත් දෛනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් 14 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින බෙදාදෙන ලදී.

තවද, 143 වන බලසේනාවේ භට පිරිස් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සිවිල් බලධාරීන් හා එක්ව තවත් අවතැන්වූ පවුල් 40 ක් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් බෙදාදෙනු ලැබීය. මෙම ආපදා තත්ත්වයෙන් අවතැන්වූ ජනතාව විශාල පිරිසක් තාවකාලික නවාතැන්වල නේවාසිකව සිටින අතර ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් රජය සහ විවිධ ආයතන විසින් සපයනු ලබයි.

වර්ෂාපතනය හේතුවෙන් අධික ජලගැලීමට ලක්වූ මාරවිල, තෝඩුවැව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව මූදාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නිරත 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් අඟහරුවාදා (22) දින සන්ධ්‍යාවේ ජලගැලීම් සිදුවු ප්‍රදේශයේ අවතැන්ව සිටි ගැබිණි කාන්තාවක් මුදාගැනීමට සමත් වු අතර මෙම ගැබිණි කාන්තාව ගංවතුර තත්ත්වය වැඩිවීමත් සමඟම නිවසින් බැහැරවීමට නොහැකිව ගම්වාසින්ගේ ද අනුදැනුමකින් තොරව නිවසෙහි අවතැන්ව සිටි අතර යුද්ධ හමුදා භට පිරිස් වෙත ලද තොරතුරකට අනුව දුෂ්කරතා මධ්‍යයේ එම ප්‍රදේශය සෝදිසි කිරීමේන් අනතුරුව නිවසේ අවතැන්ව සිටි ගැබිණි කාන්තාව මුදාගැනීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදා භට පිරිස් එම ගැබිණි කාන්තාව වෛද්‍ය නිලධාරින්ගේ ද උපදෙස් මත කඩිනමින් යුද්ධ හමුදා ට්‍රක් රථයක් ආධාරයෙන් මාරවිල රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුලක් කරන ලදී. (මේ සැබැදි පුවත ‘www.army.lk’ වෙබ් අඩවියේ ‘විශේෂාංග පුවත්’ තිරුවෙහි පලකර ඇත)

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කරුවලගස්වැව, මෝරියකුලම ප්‍රදේශයේ මෝරියකුලම කෘෂිකාර්මික ඇල මාර්ගයේ ජල මට්ටම ඉහලයාමෙන් ඇල මාර්ගයේ කොටසක බැම්ම බිඳි ගොස් ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් බදාදා (23) දින සන්ධ්‍යාවේ නිරීක්‍ෂණය වූ අතර යුහුසුළුව ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වැලි කොට්ට අතුරා ඇල මාර්ගයේ ජලය පහත් භූමිකරා යාම වලක්වා ගැනීමට සමත්විය.

 එමෙන්ම, 582 වන බලසේනාවේ භට පිරිස් හොරණ, වගාවත්ත ප්‍රදේශයේ ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම් වල නියලි සිටින අතර, එම ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නිවසක පැවැති දානමය පිංකමක් සඳහා මහා සංඝරත්නය වැඩමකරවීමට WMZ වර්ගයේ සන්නද්ධ රථයකින් ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

තවද පසුගිය පැය 48 ක කාලය තුල කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇදහැළුනු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් නිකවැරටිය, රස්නායකපුර සහ පොල්ගහවෙල ප්‍රදේශයන්හි විපතට පත්වූ ජනතාව මූදාගැනීමේ මෙහෙයුම්, ප්‍රදේශයේ බලධාරීන්ගේ සහයෝගය ඇතිව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ භට පිරිස් විසින් දියත් කරනු ලැබීය.

මේ අතර, රස්නායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ හානියට පත් නිවාස කිහිපයක ජනතාව මුදාගැනීමෙන් අනතුරුව, ප්‍රදේශයේ පිහිටි ප්‍රජා මධ්‍යස්ථානයේ තාවකාලිකව නවාතැන් පහසුකම් ලබාදී අහාර පාන මෙන්ම ළමුන් සඳහා නිදන මේට්ට අදීය ලබාදීමට ද යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කරන ලදි.

එමෙන්ම, නිකවැරටිය ප්‍රදේශයේ පිහිටි උඩුනෝව වැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත් භූමි ප්‍රදේශයන් වෙත ජලය කාන්දුවෙන ස්ථානයන්හි වැලි කොට්ට ඇතිරීම සඳහා 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 16 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් යොදවන ලදි.

ඇතිවී ඇති ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්‍ෂ මෙහෙයුම් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අදාළ පළාත් පාලන ආයතන හා රාජ්‍ය ආයතන සමග සහයෝගයෙන් යුතුව ආපදාවට ලක්වුවන්ට අවශ්‍ය සහන කටයුතු සැලසීම් සඳහා සියලු පියවරයන් ගෙන ඇත.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශයන් හි ජනතාව මූදාගැනීම හා සහන සේවා කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට අධික පිරිසක් යොදවා ඇත.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදාවට ලක්වූ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වූවහොත් යෙදවීමට යුද්ධ හමුදා සාමාජිකයින් 5000 ක පමණ ප්‍රමාණයක් සුදානම් කර ඇත.

මේ අතර, පාහියන්ගල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක තිබු ගසක් මාර්ගයක් අවහිර කරමින් කඩා වැටිම හේතුවෙන් 9 වන ගැමුණු හේවා බලඇණියේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිස් කණ්ඩායමක් බදාදා (23) දින උදෑසන යන්ත්‍ර සහ උපකරණ යොදාගනීමන් ගස කපා ඉවත්කර මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කරනු ලැබීය. (මේ සැබැදි පුවත් ‘www.army.lk’ වෙබ් අඩවියේ පලකර ඇත)

jordan release date | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov