Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාව දෙවන වරට සංවිධානය කල පාපන්දු තරඟාවලියේ දී කිලිනොච්චි පාපන්දු කණ්ඩායම් 35 ක් තරඟවදී

හිටපු 57 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම වත්මන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කිලිනොච්චි ප්‍රදේශයේ තරුණ පාපන්දු කණ්ඩායම් 35 කගේ සහභාගීත්වයෙන් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් සංවිධානය කල දෙවනවරට පවත්වනු ලබන පාපන්දු තරඟාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (28) දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගිවූ අතර 2019 අප්‍රේල් 06 වන දින පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟාවලිය සඳහා තෝරාගැනීමේ තරඟ ඉරිදා (31) දින දක්වා පැවැත්විණි. කිලිනොච්චි ප්‍රදේශයේ තරුණයන් සහ පාපන්දු ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වමින් සිවිල් වැසියන් සහ සන්නද්ධ හමුදාවන් අතර සාමය, සංහිඳියාව සහ සුහදත්වය මනාව පිළිබිඹු කරමින් ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙවන වරටත් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චියේ මහාදේව ආශ්‍රමයේ හිටපු භාරකරු ටී. රාජනායගම් මහතා අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රබල පාපන්දු කණ්ඩායම් 35 ක් නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය සඳහා 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ, මහාදේව ආශ්‍රමයේ සභාපති පොන්නම්බලම් නිත්‍යානාදන් මහතා, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සුගත් අබේසිංහ මහතා සහභාගි වූහ. trace affiliate link | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK