Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2018 14:17:43 Hours

යුද්ධ හමුදාව ඉදිකරන ලද පොළොන්නරුව හෙද නේවාසිකාගාරය විවෘත කෙරේ

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය මූලික රෝහලේ යුද්ධ හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද හෙදියන්ගේ නේවාසිකාගාරයකින් සමන්විත නව ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (01) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මින්නේරියේ දී පැවැති උත්සවයකදි විවෘත කරන ලදී.

‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඇස්තුමේන්තු ගත මිලියන 38.44 ක මුදල 12 වන ඉංජිනේරු සේවා බලකාය වෙත වෙන් කරනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් හට ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීම සඳහා මිලියන 28.47 ක මුදලක් වැය වූ අතර, යුද්ධ හමුදාවේ ශ්‍රාමදායකත්ව හේතුවෙන් මිලියන 10 ක මූදලක් ඉතිරි කරගැනීමට සමත්විය.

මෙම ව්‍යාපෘතිය 2015 වසරේ ආරම්භ කර 2017 වර්ෂයේ දී අවසන් වූ අතර ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් සිදු කරනු ලැබීය.

නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගුරු පී.බී දිසානායක, ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන ව්‍යෘතියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික), සෞඛ්‍ය නිලධාරින් සහ රාජ්‍ය සේවකයින් රැසක් සහභාගි වූහ. තවද මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද තවත් නව ගොඩනැගිලි කිහිපයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබීය.

(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය ඒකකය)

Running sneakers | Nike