Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2017 19:16:42 Hours

යුද්ධ හමුදාපතිතුමන් නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෙනසුරාදා (28) වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත නිල සංචාරයක් සිදු කරමින් එහි නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් හමු වී භට පිරිස් සුබසාධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන දොරටුව අභියස දී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු 7 වන කාරක ඉංජිනේරු භට පිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සම්මාන ආචාරයක් පිළිගන්වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඉදිරි නඩත්තු පෙදෙස, සියලු සේනාංක සහ බල සේනා නියෝජනයෙන් පැමිණි 1000 කට ආසන්න භට පිරිසක් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමා මනා පුහුණුව, විනයගරුකභාවය පවත්වාගැනීම සහ පොදු ජනයා සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව සිය දේශනයේ දී අවධාරණය කරන ලදි.

අනතුරුව සාම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා එහි පැමිණ සිටි මහා සංඝයාවහන්සේලාගේ සෙත් පිරිත් සඡ්ඡායනා මැද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිළ නිවාඩු නිකේතනය නිල වශයෙන් විවෘත කරන ලදී. නව නිවාඩු නිකේතනයේ කාමර සහ අනෙකුත් පහසුකම් පිළිබදවද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිරීක්ෂණයකට ලක්කරන ලදී.

තවද, නව සෙසුනිල නිවාඩු නිකේතනය අසළ පැළයක් රෝපණය කොට සමූහ ඡායාරූපයකට ද පෙනි සිටි යුද්ධ හමුදාධිපතිතුමා සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මෙම සංචාරයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර විසින් ප්‍රදේශයේ ආරක්ෂක තත්වය සහ අනෙකුත් වැඩකටයුතු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පැහැදිලි කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරයේ දී සෙබලුන්ගේ අවශ්‍යතාවයන් සහ සුබසාධන කටයුතු පිළිබඳව ද අදහස් විමසු අතර, නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමට ද අමතක නොකළහ. යුද්ධ හමුදාධිපතිතුමා සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු කෙරිනි.

url clone | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys