Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2018 18:03:17 Hours

යුද්ධ හමුදාධිපතිතුමා ‘පාද යාත්‍රාවේ’ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය ආහාරපාන ලබාදෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යයට සහභාගිවීමට යාල අභයභූමිය හරහා පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය පහසුකම් සහ ආහාරපාන ආදිය ලබාදෙන පරණ තොටපල, කටුපිල අරා, ළිංතුන සහ පලාටුපාන යන ස්ථානයන්හි බදාදා (11) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සංචාරයක නිරතවිය.

යුද්ධ හමුදාධිපතිතුමා, කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි සමඟින් පළමුව පරණ තොටුපල ප්‍රදේශයේ සංචාරය කළ අතර, එම වෙහෙසට පත් වූ වන්දනාකරුවන් උණුසුම් අයුරින් පිළිගෙන ඔවුන් වෙත දොඩම්, පළතුරු, ආහාරපාන සහ බෝතල් කළ ජලය ලබාදෙමින් සංග්‍රහ කරනු ලැබීය. බැතිමතුන්ගේ විවේකය සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් තාවකාලික කඳවුරු ඉදිකොට තිබෙන කටුපිල අරා සහ ළිංතුන ප්‍රදේශයන්හි ද යුද්ධ හමුදාධිපතිතුමා සංචාරය කළහ.

පලාටුපාන ප්‍රදේශයේ දී 23 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් බැතිමතුන් සඳහා දිවා ආහාරය ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ද සංවිධානය කරනු ලැබීය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමා බැතිමතුන් සමඟ එක්ව දිවා ආහාරය භුක්තිවිදි අතර, ඔවුන් සමඟින් සුහඳ පිළිසඳරක ද නිරත විය. මෙම වන්දනා චාරිකාව ආවරණය කිරිම සඳහා මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද පැමිණ සිටියහ.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමා “රටේ සියලු ජනවර්ගයන් අතර පවතින සුහදත්වයේ වැදගත්කම කතරගමට පැමිණෙන මෙම සුවිශේෂී වන්දනා චාරිකාව මඟින් සංකේතවත් වේ. එමෙන්ම, මෙමඟින් සංහිඳියාව සහ ජනතාව අතර සහජීවනය පිළිබඳ සංකල්පය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැප වී සිටින බවට ලොවට ප්‍රබල පණිවිඩයක් ලබාදෙයි. යුද්ධ හමුදාව ආරක්ෂාව පමණක් නොව, වාර්ගික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ද දායකවනු ඇත” යනුවෙන් මාධ්‍යවේදීන් වෙත පවසනු ලැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමා සමඟින් යුද සේවා සහකාර කර්නල් උදය කුමාර ද එක්ව සිටියහ. Mysneakers | Nike Shoes