Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2017 22:03:23 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිය විදුහල්මාතාවගේ පැසසුමට

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුවන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙනුවෙන් සුභාෂිංශණ පැතිමේ උත්සවයක් අද දින උදැසන (23) එම විද්‍යාලයේ දී එතුමන්ගේ පාසැල් මිතුරන්, සමකාලීනයන්, විශ්‍රාමික විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සේවයේ යෙදි සිටින සහ විශ්‍රාම ගොස් ඇති ත්‍රිවිධ හමුදා ආදී ආනන්දීයන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ආනන්ද විද්‍යාලයට ගෞරවයක් කීර්තියක් ලබාදුන් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම විද්‍යාලීය ශීෂ්‍ය භට සහ බාලදක්ෂ කණ්ඩායම් විසින් ආචාර සමාචාර දක්වමින් පිලිගන්නා ලදී.

ආරාධිත යුද්ධ හමුදාධිපතිවරයා විදුහල් දොරටුව අභියස දී විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා, ප්‍රධාන ශීෂ්‍ය නායක සහ ආදී ආනන්දිය (1975 – 1980) කණ්ඩායම විසින් පිලිගනු ලැබීමෙන් අනතුරුව මාර්ගය දෙපස පෙලසැදුණු විදුහල් බාලදක්ෂ කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපතිවරයාට ගෞරවාචාර දැක්වුහ. ඉන්පසු පාසල් ශීෂ්‍ය භට කණ්ඩය විසින් එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක් පිලිගන්වන ලදි.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ත්‍රිවිධ හමුදාවන්හි සේවයේ නියුතුව රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර ආදී ආනන්දියන් සිහිකරමින් ආනන්ද විද්‍යාලීය රණවිරු ස්මාරකය අභීයස දී පුෂ්පෝපහාර පුද කරන ලදී.

පසුව, ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලවේ දී යුද්ධ හමුදාධිපති රැස්ව සිටි පිරිස අමතමින්,

“ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් යුද්ධ හමුදා ජිවිතයේ ඉහලම තනතුර දක්වා ගමන් කිරීමට ශක්තියක්, ධෛර්යයක් මා තුල ජනීත කිරීමට දායක වු විදුහල්මාතාවටත්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ටත් සදා ණය ගැති වේ. මාගේ විදුහල්මාතාව ජාතියට දායාද කල සියළුම හමුදා නිලධාරින්ට මා ආචාරය පුද කරමි. ආනන්ද විදුහල්මාතාව අපගේ විෂ්‍යානුබද්ධ අධ්‍යාපන කටයුතු වලට අමතරව විෂය බාහිර කටයුතුවලද මනා පුහුණුවක් ලබාදෙමින් සෑමවිටම අපගේ චරිත සංවර්ධනයට දායක වුහ. පාසැල් ශිෂ්‍ය භටයෙක් වශයෙන් අප සෑම විටම මනා ශිෂක්ෂණය සහ විනය ගරුක භාවය ඉගෙනගත් අතර, යුද්ධ හමුදාවේ නිලධාරියෙකු ලෙස රටට සේවය කිරීමට මා තුල උනන්දුවක් ඇති කරවුයේ මා ලැබු එම පාසැල් කැඩෙට් ශිෂ්‍ය භට පුහුණුවයි” යනුවෙන් පැවසීය.

මාගේ පාසැල් කාලයේ දී ජිවිතයටම අමතක කල නොහැකි විශිෂ්ඨ පුද්ගලයකු මේ අවස්ථාවේ දී සිහිපත් කරමි. ඔහු අන්කවරෙක්වත්නොව අපි සියළු දෙනා ඉතා ගෞරවයක් දැක්වු කර්නල් ජි.ඩබ්ලිව්. රාජපක්ෂය. යුද්ධ හමුදාවට බැඳිමට මා පෙලඹවා මාගේ දෙමාපියන්ගේඅවසරය පැතුවේ එතුමාය. මේ ශ්‍රේෂඨ ගුරුවරයා මාගේ අනාගතය එදා පැහැදිලිව දුටුවේ කෙසේ දැයි මට අදටත් සිතා ගත නොහැකිය.

මාගේ ජයග්‍රහණයත් සාර්ථකත්වයත් නිරතුරුව අපේක්ෂා කල මා හට කිසිදා අමතක කල නොහැකි එම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් මෙහිදි සිහිපත් කරන අතර, ඔවුන්ට මාගේ ගෞරව නමස්කාරය පුද කරමි. අරමුණු කරගත් ඉලක්කයන් සාර්ථක කරගනීමින් ඔබ සාමාජයේ යහපත පිණිස කටයුතු කල යුතුයි. මා හට සුභාෂිංශණ පිරිනැමීමට මෙහි පැමිණ සිටින ඔබලා සියළු දෙනාටම මාගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමන අතර, ආනන්ද විදුහල් මාතාව තව තවත් විශීෂ්ඨ සහ දැනුමින් පිරි නායකයින් බිහි කරනුඇති බව මා විශ්වාස කරමි. මෙම උත්සවය සංවිධානය කල සියළුමදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය මෙහිදි පිරිනමමී” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය නිමා කළහ.

උත්සව සමාප්තියේ දී ආනන්ද විදුහල්පතිතුමන් විසින් ගුරු මණ්ඩලය සහ සිසුන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කල අතර, යුද්ධ හමුදාධිපතිවරයා ද විදුහල්පතිතුමන් වෙත එම අවස්ථාව සිහිගන්වමින් සමරුඵලකයක් ප්‍රදානය කිරීමට අමතක නොකලහ.

ආනන්ද විදුහල් භුමියේ දී යුද්ධ හමුදාධිපතිතුමන් එම උත්සව අවස්ථාවට පැමිණ සිටි තමන්ට උගැන්වු ගුරුවරුන් සමඟද ගෞරවයෙන් යුතුව පිලිසඳරෙහි යෙදුණු අතර, එම ආචාර්යවරුන්, ආදී ආනන්දියන්, පාසැල් මිතුරන් සහ අනෙකුත් අයවළුන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

Running Sneakers Store | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp