Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2018 21:35:19 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් ආවර්ජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී සිය සහෘර්ඳයන් හමුවේ

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිත්‍ය නිලධාරි පාඨමාලා අංක - 16 යටතේ පුහුණුව සාර්ථකව හැදෑරු කෙඩෙට් නිලධාරි සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මතකයන් ආවර්ජනය කරමින් අඟහරුවාදා (16) දින පැවැති සුහද හමුව සඳහා එක්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර යුද්ධ හමුදාධිපතිතුමන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සෙනාරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් කෙඩෙට් නිලධාරි සමඟ එක්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කරනු ලැබීය. ඉන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙලපාලියක් පිරිනමනු ලැබීය.

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදි කෙඩෙට් නිලධාරියෙකු ලෙස විසිර ගිය දිනය සිහිකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව පවත්වනු ලැබු සුහද හමුව අතරතුර ඔවුන් විසින් විශේෂ සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.

කෙඩේට් නිලධාරි පාඨමාලාවේ දී, තම සහෘර්ඳයන් අතරේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සෑම අතින්ම අතීශූර කෙඩෙට් නිලධාරි ලෙස ගෞරවයට පාත්‍රවිය.

කෙඩෙට් නිලධාරි පුහුණුව ලබන අතරතුර ලබාගත් විඩියෝපටයක් ප්‍රදර්ශණය කර ඔවුන්ගේ අතීත මතකයන් නැවත අවදිකරමින් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක තුමන් විසින් පිලිගැනිමේ කථාව සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ බළඇණි මෙහෙයුම් නිලධාරි විසින් කෙටි හැදින්විමක් සිදු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අංක 16 යටතේ පුහුණුව ලැබු කෙඩෙට් නිලධාරීන් අතරින් යුද්ධ හමුදාධිපතිවරයෙකු බිහිවි ඇති ආකාරය පිළිබඳව ද ප්‍රකාශ කරනු ලැබීය.

තම අතීත මතක සටහන්වලින් බිඳක් ගෙනහැර දක්වමින් මේජර් ජෙනරාල් වි.එන්.කොස්වත්ත (විශ්‍රාමික) විසින් ප්‍රකාශකර සිටියේ තමන් විසින් ප්‍රථමයෙන්ම එවකට සිටි උපදේශකවරුන් හට තම හිස නමා ආචාර කරන බවත් තවද වර්තමානය වනවිට තම සහෘර්ඳයින් හට යුද්ධ හමුදාවේ ඇති ඉහලම ස්ථානයන් වෙත ළගාවී හමුදා වෘත්තියේ සාර්ථකත්වය කරා යෑම සඳහා අවශ්‍ය නිවැරදි මාර්ගය හා උපදෙස් ලබාදිම පිළිබඳව ඉතා ගෞරවාදරයෙන් යුක්තව තම උපදේශකයින් සිහිපත් කරනු ලබන බවත් ප්‍රකාශ කර සිටියහ.

කර්නල් ඩබ්ලිව් .ඒ. පමූණුව (විශ්‍රාමික), ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන අතර, ඔහු විසින් එම අවස්ථා‍වේදි සුවිශේෂී මතකයන් බිඳක් ගෙන ඒමෙන් අනතුරුව වැඩිදුරටත් කියා සිටියේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කෙඩෙට් නිලධාරියෙකු ලෙස කැපීපෙනෙන දස්කම් රාශීයක් දක්වන ලද බවයි. යුද්ධයෙන් පසු සෑම අවස්ථාවකදීම යුද්ධ හමුදා නිලධාරීන් තුළ තිබිය යුතු ස්ථීර මානසික සෞඛ්‍යයේ වැදගත්කම ගැන වැඩිදුරටත් එතුමන් අවධාරණය කළහ.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තම මතකයන් අවධිකරමින් කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් අධ්‍යාපනය ලැබු අවධියේ තම පාඨමාලාව වෙත උපදේශකත්වය සැපයු සියලු උදේශකයන් ගෞරව කෘතඥතා පූර්වකව සිහිපත් කල අතර ඕනෑම පුද්ගලයෙකුගේ යුද්ධ හමුදා වෘත්තීමය ජිවිතය හැඩගස්වා ගැනීමෙහිලා ස්ථිර අඨිෂ්ඨානයක් සහ අවබෝධාත්මක උපදේශනයන්හි ඇති වැදගත්කම හා දායකත්වය පිළිබඳව සිහිපත් කරනු ලැබීය.

සිය දේශනය අවසන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්, සිය පාඨමාලාවේ සියළු සහෘඳයන් වෙනුවෙන් නොමැකෙන මතකයන් සිහිපත් කරමින් යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් සිදුකරනු ලැබු සේවය අගයනු වස් පාඨමාලාවේ සියලුදෙනාගේ දායකත්වයෙන් යුතුව සියලු පහසුකම්වලින් යුත් පන්ති කාමර 6 කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදි පැවසීය.

තවද එම අවස්ථාවේ දී යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් සකස් කරනු ලැබූ ‘කොපි ටෙබල්’ පොතක් (Coffee Table book) යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණු අංශයේ අණදෙන නිලධාරි කර්නල් අජිත් වික්‍රමසේකර විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

මෙම සුහද හමුවට සුවිශේෂිත්වයක් එක්කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 16 යටතේ පුහුණුව ලැබු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත 1981 ඔක්තෝම්බර් මස 16 වන දින අධිකාරියට පත්ව විසිරයන අවස්ථාවේ පිරීනැමු අසිපතේ අනුරුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන් විසින් මෙහිදි පිරිනමනු ලැබු අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගුරු සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය වෙත ද එවැනිම සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත්විය.

මේජර් ජෙනරාල් කේ.ජේ. අල්විස් (විශ්‍රාමික), මේජර් ජෙනරාල් වී.එන්. කොස්වත්ත (විශ්‍රාමික), කපිතන් කේ.ඒ.එස්. සිරිවර්ධන (විශ්‍රාමික), කර්නල් එච්.කේ. චන්ද්‍රසේන (විශ්‍රාමික), ලුතිනන් ඒ. ප්‍රේමචන්ද්‍ර (විශ්‍රාමික) සහ පාඨමාලා භාර නිලධාරි කර්නල් පමුණුව (විශ්‍රාමික), ලුතිනන් කර්නල් ටෝනි වීරබන්ස (විශ්‍රාමික) (ඉංග්‍රිසි උපදේශක) ලුතිනන් කර්නල් වෝල්ටර් මනම්පේරි (විශ්‍රාමික) (ඉංග්‍රිසි උපදේශක) සහ පාඨමාලා භාර සැරයන් කපිතන් තාජුදීන් (විශ්‍රාමික) මෙම අවස්ථාව සඳහා සහභාගි වූ පාඨමාලා අංක -16 කෙඩෙට් නිලධාරි විය. Sports News | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ