Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2018 08:05:28 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිතියම් කියවීම සහ රණබිම් ක්‍රමවල ඇති වැදගත්කම පිළිබඳ යාපනයේ දී අවධාරණය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ප්‍රථමවරට සංවිධානය කරනු ලැබු සිතියම් කියවීම සහ රණබිම් ක්‍රම තරඟාවලියේ අවසන් තරඟවටය සෙනසුරාදා (20) දින පැවැති අතර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකක 39 ක් නියෝජනය කරමින් සාමාජිකයින් 10 බැගින් කණ්ඩායම් 39 ක් තරඟාවලිය සඳහා සහභාගි වූ අතර තරඟාවලියේ දෙවනවටය සඳහා ඒ අතරින් කණ්ඩායම් 16 ක් තේරීපත් විය. එහිදි, තරඟාවලියේ අවසන් තරඟය සඳහා 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සුදුසුකම් ලැබීය. තියුණු තරඟයකින් අනතුරුව තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට 4 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත් වූ අතර, තරඟයේ වැඩිම ලකුණු ලබාගනීමින් කෝප්‍රල් ජි.එච්.එල්.කේ. දුලිප් කුමාර දක්‍ෂතම තරඟකරු සම්මානයට පාත්‍රවිය. එහිදි, තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගැනීමට 12 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සමත්විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන පිරිනැමීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද එක්ව සිටියහ.

අනතුරුව, සියලුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන්, මෙම තරඟාවලිය සංවිධානය කිරීම පිළිබඳ ඇගයුමට ලක් කල අතර හැකියාවන් මත පදනම්වූ යුද්ධ හමුදා සාමාජිකයින් බිහිකිරීමට සිතියම් කියවීම සහ රණබිම් ක්‍රමවල ඇති වටිනාකම අවධාරණය කළහ.

මෙම තරඟාවලිය යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සිතියම් කියවීම සහ රණබිම් ක්‍රම පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබීය. මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙහිදි පිළිගැනීමේ දේශනය 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක විසින් සිදුකරමින් තරඟයේ නීතිරීති සහ විස්තර පිළිබඳව ද පැහැදිලි කරනු ලැබීය. එමෙන්ම, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ විසින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලියේ සංකල්පය පිළිබඳව පැහැදිලි කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු අඥාපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් පෙරමුණගේ, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මෙන්ම නාවික සහ ගුවන් හමුදාවේ නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ. Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE