Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2017 14:53:12 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි භට පිරිස් අමතමින් තම අරමුණු පහදයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදු කෙරුණු ප්‍රථම නිල සංචාරය සෙනසුරාදා (14) දින සිදුවිය.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමා එහිදි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් සාදරයෙන් පිළිගනු ලැබු අතර, හමුදා සම්ප්‍රදායනුකුලව යුද්ධ හමුදාධිපතිවරයාට කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් 1000 කට වැඩි පිරිසක් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවේ අභීවෘද්ධිය වෙනුවෙන් තම අනාගත දැක්ම සහ අරමුණුඑහිදි පැහැදිලි කරදෙන ලදි.

සමකාමී වකවානුවකදි ලෝකයේ අනෙකුත් යුද්ධ හමුදාවන් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද අඛණ්ඩ පුහුණු අභ්‍යාසයන්හි නිරතවීමේ වැදගත්කම අවධාරණය කල යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදාවෙන් 1/3 කොටසක් ඕනෑම අවස්ථාවක සටනකට සුදානම්ව තැබීය යුතු බවත් තවත් 1/3 කොටසක් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයේ ද ඉතිරි 1/3 කොටස යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සඳහා ද යෙදවිය යුතු බැව් වැඩිදුරටත් ප්‍රකාශ කළහ. එසේම යුද්ධ හමුදාවේ ප්‍රතිරෑපය නංවාලීමේ කාලීන වැදගත්කමත් යුද්ධ හමුදාධිපතිවරයා පෙන්වාදුන්හ.

යුද්ධ හමුදාධිපතිතුමා තම දේශනයෙන් අනතුරුව සියලු නිලයින් සමඟ තේපැන් සංග්‍රහයකට ද එක්විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රථම සංචාරය සිහිවනු වස් වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට එතුමන්ට ආරාධනා කරන ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ වර්ථමාන කාර්යභාරයත් අනෙකුත් ආරක්ෂක තත්ත්වය පිළිබඳවත් යුද්ධ හමුදාධිපතිවරයාට පැහැදිලි කරදෙන ලදි.

යුද්ධ හමුදාධිපතිවරයාගේ මෙම ප්‍රථම නිල සංචාරය වෙනුවෙන් කෘතඥතාව පල කරමින් සමරුඵලකයක් ද යුද්ධ හමුදාධිපතිවරයා වෙත පිරිනැමු අතර, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමට ද යුද්ධ හමුදාධිපතිවරයා අමතක නොකළහ.

Asics footwear | Air Jordan Release Dates Calendar