Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2018 21:55:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු සැරයන් මේජර් නිලයේ කාර්යභාරය පහදයි

නායකත්ව හා කණ්ඩයාම් හැඟිම් වර්ධනය කිරීමේ අරමුණින්රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 178 දෙනෙකු වෙනුවෙන් ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ කාර්යභාර්ය සහ වගකීම්’ පිළිබඳ දැනුවත් කිරීමේ (පෙබරවාරි මස 15 සිට 17 දක්වා) තෙදින වැඩමුළුවක් සාර්ථකව පැවැත් වූ අතර, එහි සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (17) දින කුකුලේඟග ‘ලයා ලේෂර්’ පරිශයේ දී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ පිරිස් පාලන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන එම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සෙසුනිලයකු ලෙස යුද්ධ හමුදාවට ඇතුලත්ව වත්මන් නිලයට පැමිණෙනතෙක් පැවැත්වූ ප්‍රථම වැඩමුළුව වේ.

කුකුලේඟග ‘ලයා ලේෂර්’ උද්‍යාන පරිශ්‍රයේ පැවති පුහුණු වැඩසටහනට සඳහා බාහිර විශේෂඥයින්ගේ සහාය ඇතිව ‘ලයා ලේෂර්’හි වෘත්තීමය කාර්ය මණ්ඩලය විසින් “නායකත්වය, නවෝත්පාදන චින්තනය, නායකත්ව ගුණාංග, පුද්ගලිකත්වය ගොඩනැගීම, කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීම හා පුද්ගලික වගකීම් සහතරඟකාරීත්වය” පිළිබඳ දේශන පවත්වන ලදී. මෙම තෙදින වැඩමුළුවේ දී රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කඳු නැගීම, රැහැන් මත යාම, බාධක තරණය, කඹ ඇඳීම වැනි ත්‍රාස්යජනක ක්‍රියාකරකම්වල ද නිරත වූහ.

මෙම වැඩමුළුව පවත්වාගෙන යාමට සහයෝගය ලබාදුන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරම්භක දේශනය (පෙබරවාරි 15 දින) පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකවිසින් සෙනසුරාදා (17) දින පුහුණු වැඩමුළුව සඳහා එක්වු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 178 දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කළහ.අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනා අමතමින් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් වෙනුවෙන් පුහුණු සැසියක් පැවැත්වීමේ වැදගත්කම ද අවධාරණය කළහ. එතුමන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ඉතා උද්යෝගයකින් යුතුව සිදු කරන ලද කාර්යභාර්ය සහ වගකීම් ඇගයුමට ලක් කළහ.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, පිරිස් පාලන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් දෙවින්ද පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

jordan release date | Air Jordan