Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2018 10:29:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මත්තේගොඩ පිහිටි සිය මව් රෙජිමේන්තුව වෙත නෑගම් යයි

උදාවු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය මව් ඒකකය වෙත කෘත ගුණ දැක්විමක් ලෙස නව අවුරුදු දින (අප්‍රේල් මස 14) සිය මව් රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි 5 වන ක්‍ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් අවුරුදු චාරිත්‍ර සඳහා එක්වු අතර එතුමන්ගේ යුද්ධ හමුදා දිවියේ දෙවන ලුතිතන් ධුරයේ අධිකාරි ලැබිමෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත එක්වන ලදී.

පැරණි සම්ප්‍රදායික නෑගම් යාම සංකේතවත් කරමින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉංජිනේරු බලකා නිලධාරි සහ සෙසු නිලයින් සමග එක්ව එම පරිශ්‍රයේදී තම දේශයට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් රතිඤ්ඤා හඩ මධ්‍යයේ සුබ නැකතින් කිරි උතුරවන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ හදවතට සමිප මත්තේගොඩ පිහිටි 5 වන ක්‍ෂේත්‍ර ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තුව සිය මව් රෙජිමේන්තු වන අතර පසුව විශේෂ බලකා රෙජිමේන්තුව වෙත අනුයුක්තව සිටින අතර නව අවුරුදු දා සපැමිණි එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එහිදි අවුරුදු චාරිත්‍ර හා එක්වන ලද යුද්ධ හමුදාධිපතිතුමන් මත්තේගොඩ පිහිටි සිය රෙජිමේන්තු මධ්‍යස්ථාන භුමිය වෙත පැමිණිමේදි තම මහ ගෙදර වෙත පැමිණියාක් මෙන් හැගිමක් ඇති වු බවත්, අලුත් අවුරුදු උදාවත් සමඟම අපේ ජාතිය විසින් සමරනු ලබන මෙම සුබ දිනයේ පළමු වරට මේ ස්ථානයට මාගේ කෘතවේදීත්වය දැක්වීමට අවශ්‍ය වු බැව් ද භට පිරිස් අමතමින් සදහන් කරන ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම බලකායේ තම සහෝදර නිලධාරින් හා සෙසු නිලයින් සමග එක්ව සිංහල හා දෙමළ නව අවුරුදු උදාව සමරනු ලැබු අතර සම්ප්‍රදායික ජන ක්‍රිඩා වලට ද සම්බන්ධ විය.

ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් සහ යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න සහ ඉංජිනේරු බලකා සෙබළුන් හා එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ‘බක් මහ උළෙල - 2018’ සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් විසින් එම රෙජිමේන්තු ප්‍රධාන දොරටුව අභියස දී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉංජිනේරු බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඉංජිනේරු බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සෙසු නිලයින්, ආරාධිතයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම බක් මහ උළෙලේ පැවති ජන ක්‍රිඩා හා විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රිඩාවන්ට සම්බන්ධ වෙමින් ප්‍රිති ප්‍රමෝදයට පත්විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණ සිටි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ජන ක්‍රිඩා හා විනෝදාස්වාදය ගෙන දුන් ක්‍රිඩා තරග වලින් ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග පිරිනැමිමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු නිමාවට පත්වු අතර මෙම වැඩසටහන නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව ඔස්සේ සජිවි විකාශණය කරන ලදී.

best Running shoes | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite