Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2019 17:47:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව කාර්යාලයේදී සිය රාජකාරී අරඹයි

යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ජයවර්ධනපුර නව යුද හමුදා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදාධිපති කාර්යාලයේදී අද (14) දින පෙරවරුවේ හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය කාර්යාලයේ රාජකාරී ආරම්භ කරනු ලබන පළමු දිනයේ නව යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉන්දික පෙරේරා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් වෙත සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමුහ.

පසුව යුද්ධ හමුදාධිපතිතුමන් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව එළඹි සුභ මොහොතින් එම අවස්ථාව සඳහා සහභාගීව සිටි මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් සිටියහ.

උත්සව අවස්ථාව කෙටි තේපැන් සංග්‍රයකින් නිමාවට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව ඉකුත් සිකුරාදා (8) දින පැවති ජාතික උත්සවයකදී අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරනු ලැබීය. Sports brands | Nike Air Force 1 , Sneakers , Ietp STORE