Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th November 2018 16:34:34 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (12) දින මධ්‍යහනේ නව ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්‍ෂක අමාත්‍යංශයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය.

මෙම සුහද හමුව අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්‍ෂක ලේකම් ප්‍රනාන්දු මහතා දැනුවත් කල අතර උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව ද පැහැදිලි කළහ.

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සේවාව සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා විසින් ඇගයුමට ලක් කල අතර යුද්ධ හමුදා සිදුකරනු ලබන සේවය අනාගතයේ දී එලෙසම පවත්වාගෙන යාම සඳහා සිය සහායෝගය ලබාදෙනු ලබන බව එහිදි ප්‍රකාශ කරනු ලැබීය.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය සුභපැතුම් පිරිනමමීන් නව ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. bridge media | Hats to Match Jordans Hyper Royal Bulls Hat