Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2018 00:20:11 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් දළදා මාළිගය වැඳපුදා ගනියි

ඇසළ උත්සවය වෙනුවෙන් පසලෝස්වක පොහෝදින පැවැත්වෙන අවසන් රන්දොලි පෙරහැරට මත්තෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් චන්ද්‍රිකා සේනානායක මැතිණිය සිකුරාදා (24) දින ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කරගනු ලැබීය.

මහනුවර පිහිටි 11 වන සේනාංකයේ භට පිරිස් විසින් 2018 අගෝස්තු මස 16 දින සිට 26 දින දක්වා පැවැත් වූ ඇසල උත්සවයේ පෙරහැර මංගල්‍ය සඳහා සිය පූර්ණ සහයෝගය දක්වන ලදි. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ද යුද්ධ හමුදාධිපතිතුමා සමඟින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම සංචාරයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් ආගමික වතාවත්වලින් අනතුරුව විහාරස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ අතර එහිදි අවසන් රන්දොලි පෙරහැර පැවැත්වීම පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් දළදා මාලිගාව පරිශ්‍රයේ පැවැති සජිවී රූපවාහිනී සාකච්ඡාවක් සඳහා ද එක්වෙමින් ජාතිය ගොඩනැගීම කාර්යභාර්ය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කළහ. යුද්ධ හමුදාධිපතිතුමාගේ මෙම සංචාරය සඳහා මහනුවර පිහිටි 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අවශ්‍ය පහසුකම් සලසනු ලැබීය. short url link | Autres