Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2018 14:31:42 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් එක්සත් ජාතීන්ගේ ‍නේවාසික සම්බන්ධිකාරකවරිය වෙත අවසන් ගෞරව දක්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ‍මහේෂ් සේනානායක විසින් මීට දින කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වන ඌනා මැකෞලි මහත්මියගේ (Ms Una McCauley) දේහයට අද (2) දින දහවල් අවසන් ගෞරව දක්වන ලදී.

බොරැල්ල ‍මල් ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ‍මහේෂ් සේනානායක සමඟ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක හා ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (විශ්‍රාමික) ලුතිනන් කර්නල් විජේගුණවර්ධන මහතා ද එක්වූ අතර ශෝක ප්‍රකාශ පොතේහි ශෝක ප්‍රකාශ සටහනක් ද තබන ලදී.

පසුගිය සිකුරාදා (23) දින අභාවප්‍රාප්ත වු ඌනා මැකෞලි මහත්මිය විසින් (Ms Una McCauley) ශ්‍රී ලංකාවට සිදු කරන ලද සේවාව සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ඇගයීමට ලක් කරන ලද අතර එතුමියගේ අභාවය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට පැමිණ සිය ශෝක ප්‍රකාශ සටහන් කරන ලදී. ඇයගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු අද (2) දින සවස බොරැල්ල පොදු සුසාන භුමියේ දී සිදුකෙරේ.

Sport media | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger