Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2018 09:49:39 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරීන් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (06) දින උදෑසන බටලන්ද - ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරය කල අතර එහිදි ‘ඉන්දු- පැසිෆික් : ගෝලීය සම්බන්ධතා කලාපිය’ අධ්‍යයන කටයුතු පිළිබඳ අවධානයක් යොමු කරමින් මාණ්ඩලික පාඨමාලා අංක - 12 යටතේ පුහුණුව හදාරණ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් අමතනු ලැබීය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ආරාධනයකට අනුව මෙම වාර්ෂික නිල සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වූ අතර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිංහ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන ශාලාව වෙත කැටුව යන ලදී.

මෙහිදි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ දේශනය අවසානය දක්වාම සුහදව අදහස් හුවමාරු කරගත් අතර විදේශිය සිසුන් ද දැඩි උනන්දුවෙන් යුතුව අදහස් හුවමාරු කරගනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල පුස්තකාලය වෙත වටිනා පොත් තොගයක් ද ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය ඇගයුමට ලක් කරමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සංකේතාත්මක සමරු තිළිණයක් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය. Authentic Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff