Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2019 21:30:22 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අරසපුරකුලම් ප්‍රදේශයේ දී මනුසත් ක්‍රියාවක් සිදු කළ විරුවන්ට ප්‍රශංසා කරයි

පසුගිය දිනක තම නිර්භීතකම විදහා පාමින් කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 5 වන ස්වේච්ඡා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ වීරෝධාර සෙබළුන් දෙදෙනෙකු විසින් දියේ ගිලී මිය යන්නට ගිය මව සහ ඇගේ දරුවන් දෙදෙනා බේරා ගැනීමට සමත්විය. මෙම වීර ක්‍රියාව හේතුවෙන් ඔවුන් දෙදෙනාට යුද හමුදා මූලස්ථානය විසින් සිදු කළ ආරාධනයකට අනුව අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිට අවස්ථාව උදාවිය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස් අමරසිරි සහ ලාන්ස් කෝප්‍රල් ටී.ජී.ජේ.පී. ආරියරත්න යන සෙබළුන් දෙදෙනා 2019 සැප්තැම්බර් මස 7 වන අරසපුරකුලම් වැව පසුකර යමින් සිටිය දී ඇසුණු කෑගැසීම් හඩත් සමඟ ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වී තමන්ට සිදුවිය හැකි අනතුරු ගැන නොසිතමින් වැව් දියේ ගිලි කෑගසමින් වැව්දිය සමග සටන් කරමින් සිටි වටිනා ජිවිත තුනක් (මව සහ පුතුන් දෙදෙනා) එම මාරක අනතුරෙන් ගලවාගැනීමට සමත්වූහ.

තත්වයේ බරපතලකම වටහාගත් සොල්දාදුවන් දෙදෙනා මඩ සහිත දියේ ගිලෙමින් සිටි ඔවුන් තිදෙනා වැව්පිටිය වෙත රැගෙනවිත් කඩිනමින් මුලික ප්‍රථමාධාර ලබාදෙමින් එහි එක්රැස් වූ සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කිසිදු පමාවකින් තොරව ඔවුන්ව ළඟම පිහිටි පූනරින් රෝහල වෙත රැගෙන යන ලදී.

මෙම මනුසත් ක්‍රියාව වෙනුවෙන් තම ජීවිත ගැන නොසිතා සිදු කල උදාර කැපවීම පිළිබඳ අගයකරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඔවුන් දෙදෙනා එතුමන්ගේ පැසසුමට ලක් ක‍ළේය. තවද ඔවුන් දෙදෙනා සිදු කළ මෙම නිර්භීත ක්‍රියාව තුළින් තම රට ජාතිය වෙනුවෙන් යුද්ධ හමුදාව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට නිරන්තරයෙන් සුදානම්ව සිටින බව පිළිඹිබු වන බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි පැවසීය.

අනතුරුව ලුතිනන් ජෙනරාල් සිල්වා ඔවුන්ගේ මෙම එඩිතර ක්‍රියාව අගය කරමින් එතුමන්ගේ සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද විශේෂ සමරු තිළිණ සහ විශේෂ සහතිකපත් ඔවුන් වෙත ප්‍රධානය කරමින් ඔවුන් විශේෂ ඇගයීමට ලක් කරමින්. එහිදි එතුමන් ප්‍රකාශ කර සිටියේ මේ වැනි විශේෂ දිරිගැන්වීම් ඔවුන්ගේ ආත්මශක්තිය වර්ධන වීමට ඉවහල් වන බවයි.

තවද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මානව හිමිකම් හා මානව නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ සහ 5 වන ස්වේච්ඡා යාන්ත්‍රික පාබල ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එම්.ඒ.ඩබ්ලිව්.එච් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.

මේ අතර, කිලිනොච්චි ආරක්‍ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් ඉකුත් සඳුදා (16) දින එම සොල්දාදුවන් දෙදෙනාට කිලිනොච්චි පිහිටි එතුමන්ගේ කාර්යාලය වෙත පැමිණෙන ලෙස ආරාධනා කරමින් ඔවුන් සිදු කළ පරාර්ථකාමී සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය.Running Sneakers Store | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp