Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2018 20:16:06 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් FA කුසලාන අවසන් තරඟාවලියේ ජයග්‍රාහකයින්වු යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම හමුවෙයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (01) දින පැවති 2018’ FA කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය.

මෙම FA කුසලාන පාපන්දු තරගාවලිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දීර්ඝ කාලයක් පුරා පවත්වනු ලබන ප්‍රධාන තරඟාවලියක් වන අතර මෙවර මෙම තරගාවලිය ප්‍රථම වරට ‘Ebony Holdings (Pvt) Ltd’ ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 715 ක් පමණ තරඟ වැදුනු අතර එහි අවසන් තරඟය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම සහ Saunders පාපන්දු කණ්ඩායම අතර පැවතිනි. මෙම අවසන් මහා තරඟය අතිශය තියුනු තරඟයක්විය, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කණ්ඩායම ගෝල 4 – 2 ක් ලෙස Saunders කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයේ ජයහිමි කරගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්, රාජ්‍ය නිලධාරීන්, පාපන්දු සම්මේලන නිලධාරීන්, හමුදා නිලධාරීන් සහා පාපන්දු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් මෙම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි අතර, අනතුරුව පැවති කුසලාන ප්‍රදානෝත්සවයටද ඔවුන් එක්වූහ. jordan release date | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ