Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th September 2017 15:42:10 Hours

යුද්ධ හමුදාධිපති අගරදගරුතුමන් බැහැදකී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (15) උදෑසන කොළඹ 08 පිහිටි අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැදුටුහ.

මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උතුරේ ජනතාව අතර ආගමික හා ජනවාර්ගික සහයෝගීතාව සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ සමාජයීය සහ ආර්ථික මට්ටම් උසස් කිරීමට යුද්ධ හමුදාව විසින් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අගරදගුරු හිමිපාණන් වෙත පැහැදිලි කළහ.

අවතැන්වූ ජනතාව වෙනුවෙන් නිවාස ගොඩනැගීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සහ පාසැල් සිසුන්ට පොත්පත් අධ්‍යාපන උපකරණ ලබාදීම, දිලිඳු පවුල්වල ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, වෛද්‍ය සායන පැවැත්වීම, පාසල් සහ පොදු ගොඩනැගිලි ඉදිකරගැනීමට ශ්‍රම දායකත්වය ලබාදීම, පාසැල් සිසුන්ට සහ ගම්වැසියන්ට පානීය ජලය සැපයීම, ගර්භනී මව්වරුන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර ලබාදීම, ශ්‍රී ලංකාව තුල වැදගත් ස්ථාන නැරඹීමට/ සංචාරය කිරීම සඳහා පහසුකම් සැපයීම මෙන්ම එම ප්‍රදේශයන්හි කැමැත්තක් දක්වන තරුණ පිරිස් හමුදාවට බඳවාගැනීම මෙන්ම විවිධ වූ අනෙකුත් සිවිල් සහ හමුදා සහයෝගිතා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අගරදගුරුතුමන්ට කරුණු විස්තර කර දුන්හ.

ශක්තිමත් ජාතික එකමුතුවකින් සහ සංහිදියාවකින් යුතුව සියලු ජනවර්ගයන්හි එකමුතුවෙන් නැවත රට ගොඩනැගීමට යුද්ධ හමුදාව විසින් යාපනය අර්ධද්වීපයේ සිදුකරනු ලබන ප්‍රශංසනීය සේවය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන්ගේ පැසසුමට ලක්විය.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපති විසින් අගරදගුරු හිමිපාණන්ට සුභපතමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කලහ.

best Running shoes | Nike, adidas, Converse & More