Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා හොකී ක්‍රීඩකයින්ට සහ බරඉසිලීමේ ක්‍රීඩකයින්ට ශුරතාවය

ආරක්‍ෂක සේවා හොකී තරඟාවලිය - 2018 හී අවසන් තරඟ කොළඹ, රීඩ් ඇවනිව් හොකී (Reid Avenue Hockey Turf) ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (14) දින පැවැති අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශූරතාවය හිමිකරගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් අනුශුරතාවය හිමිකරගැනීමට සමත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න සහභාගි වූ අතර තරඟාවලියේ ජයග්‍රහකයින් හට කුසලාන සහ සහතික පත් පිරිනැමීමට ද එතුමන් එක්විය. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා හොකී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ හොකී ක්‍රීඩා ලෝලීන් රැසක් එක්ව සිටියහ.

මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් ශුරතාවය හිමිකරගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් සමඟ තරඟ වැදිමෙන් අනතුරුව අනුශුරතාවය දිනගැනීමට සමත්විය.

මීට අමතරව, ආරක්‍ෂක සේවා බරඉසිලීමේ තරඟාවලිය - 2018 හි අවසන් තරඟ කැළණිය විශ්ව විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී බදාදා (12) දින පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමස්ථ ශුරතාවය හිමිකරගත් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් තරඟාවලියේ අනුශුරතාවය හිමිකරගත්හ.

ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලිය සඳහා සහභාගි විය.

හොකී තරඟාවලියේ ප්‍රතිඵල පහතින් දැක්වේ;

පිරිමි

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා - තුවක්කු සෙබළ කේ.එම්.ආර්.ඩී. කුලතුංග

තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයා - කෝප්‍රල් සී.ඒ.වෙලගෙදර

තරඟාවලියේ දක්‍ෂතම දැල් රකින්නා - තුවක්කු සෙබළ එච්.එම්.ටී.කේ. හීන්දෙණිය

කාන්තා

තරඟාවලියේ දක්‍ෂතම දැල් රකින්නා - කාන්තා සෙබළ පී.කේ.ඩබ්ලිව්.එච්. ප්‍රේමතිලකා

ආරක්‍ෂක සේවා බරඉසිලීමේ තරඟාවලිය - 2018 හි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලද ජයග්‍රහණ පහතින් දැක්වේ;

යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම - ශුරතාවය

රන් පදක්කම්

කිලෝ 56 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි කුමාර

කිලෝ 105 බර පන්තිය - සැරයන් ඒ.ජි.එස්. අබේවික්‍රම

රිදී පදක්කම්

කිලෝ 62 බර පන්තිය - සැරයන් ජේ.ඒ.සී. ලක්මාල්

කිලෝ 69 බර පන්තිය - සාමාන්‍ය සෙබළ එල්.කේ.සී.එම්. කරුණාතිලක

කිලෝ 77 බර පන්තිය - ලාන්ස් බොම්බඩි එච්.ආර්.ජේ. විජේරත්න

කිලෝ 85 බර පන්තිය - සාමාන්‍ය සෙබළ එස්.එස්.එස්.ගාමිණි

කිලෝ 105 ට වැඩි බර පන්තිය - සාමාන්‍ය සෙබළ ඒ.පී.ටි. ජයතිලක

ලෝකඩ පදක්කම

කිලෝ 94 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් කේ.ජි.ඒ. අබේකෝන්

යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම - අනුශුරතාවය

රන් පදක්කම්

කිලෝ 48 බර පන්තිය - කාන්තා සෙබළ ඩී.ඩී.ඩී. අබේසේකර

කිලෝ 90 බර පන්තිය - කාන්තා සෙබළ එස්.එම්.එන්.පී. අත්තනායක

කිලෝ 90 ට වැඩි බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් අයි.ඒ කලුතන්ත්‍රි

රීදි පදක්කම්

කිලෝ 58 බර පන්තිය - කාන්තා සෙබළ එස්.ආර්.එස්.එම් කුමාරි

කිලෝ 63 බර පන්තිය - කාන්තා සෙබළ එම්.ඩබ්ලිව්.ජි.ඒ.කේ. සෙව්වන්දි

ලෝකඩ පදක්කම

කිලෝ 90 බර පන්තිය - කාන්තා සෙබළ එච්.එස්.කේ ද සිල්වා Sports brands | Patike