Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2018 12:41:59 Hours

යුද්ධ හමුදා සෙබළුන් බෝගස්වැව සිසුන් වෙත ලබාදීමට පාසැල් උපකරණ මිලදී ගනී

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් අඟහරුවාදා (12) දින වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙත පාසැල් උපකරණ තොගයක් බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.

ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් පාසල් බලධාරීන්ගේ සහාය ඇතිව බෝගස්වැව මහා විද්‍යාලයේ දක්ෂ සිසුන් 6 දෙනෙකු වෙත භට පිරිස් විසින් මෙම පාසල් උපකරණ බෙදා දුන්හ.

එම සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ මිළදී ගැනීම සඳහා පුනරීන් හි පිහිටි 66 වන සේනාංකයේ සේවය කිරීමට ප්‍රථම බෝගස්වැව ප්‍රදේශයේ ද සේවය කර ඇති ඇතැම් යුද්ධ හමුදා සාමාජිකයන් මෙන්ම නිලධාරීන් සහ සෙසු නිලයින් ස්වේච්ඡාවෙන්ම දායක වූහ.

66 වන සේනාංක මූලස්ථානයේ පැවති මෙම පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දීප්ති ජයතිලක සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ ගුරුවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

best Running shoes brand | 『アディダス』に分類された記事一覧