Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th December 2017 06:26:37 Hours

යුද්ධ හමුදා සාමාජිකයන්ට ‘පැළ සහ බීජ’ තවාන් කිරීම පිළිබඳ පුහුණුවක්

බස්නාහිර පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවට අයත් අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ‘පැළ සහ බීජ’ තවාන් ශිල්පය පිළිබඳව පාඨමාලාවක් යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකු වෙනුවෙන් පැවැත් වු අතර, පාඨමාලාව අවසානයේ සහතික පත් ප්‍රදානෝත්සවය සිකුරාදා (08) දින එම පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

වගා කිරීම සහ පැළ තවාන් කිරීම පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පුරා මාස තුනකකට වැඩි කාලයක් මෙම පාඨමාලාව පවත්වනු ලැබීය.

මෙම පාඨමාලාව, සැප්තැම්බර් මස 8 දින සිට දෙසැම්බර් මස 08 දින දක්වා පැවැති අතර, එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් පැළ වගා කිරීම සහ තවාන් කිරීම පිළිබඳව දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා කලාඔය, යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සමඟින් බස්නාහිර පළාත් කෘෂිකාර්ම අධ්‍යක්ෂක අයි.ඕ. මෙන්ඩිස් මහතා සහ අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අතිරේක පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා උත්පලා සමරකෝන් මහත්මිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් නිලධාරින් රැසක් එක්ව සිටියහ.

bridge media | Air Jordan Release Dates 2021 Updated , Gov