Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2018 09:10:39 Hours

යුද්ධ හමුදා සහ සිවිල් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟයක්

සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර සමගිය සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ උපදෙස් මත එම සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා 56 වන සේනාංක ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා සිවිල් ක්‍රීඩා සමාජ 2 ක් සහභාගි වූ අතර 56 වන සේනාංක කණ්ඩයම සහ අඩික්නිලමාදා ක්‍රිඩා සමාජ කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය.

එහිදි, අඩික්නිලමාදා ක්‍රිඩා සමාජ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරමින් තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගැනීමට සමත්විය.

මෙම තරඟාවලියේ අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රධානෝත්සවය ඉරිදා (16) දින 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ ප්‍රධානත්වයෙන් එම සේනාංක ක්‍රීඩාංගනයේ දී පැවැති අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් වැසියන් සහ අනෙකුත් ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූහ.spy offers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov