Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2018 14:04:41 Hours

යුද්ධ හමුදා සංවත්සරයට වන්නි මුස්ලිම්වරුන්ගේ ආශීර්වාදය

වන්නි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් ආගමික සහජිවනය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට දක්වන ගෞරවය ඉමහත් ලෙස පිළිබිඹු කරමින් වවුනියාව නගරයේ පිහිටි ජූම්මා මුස්ලිම් පල්ලියේ (masjid) සිටින මවුලවිතුමන්ලා 69 වන යුද්ධ හමුදා දිනයට ආශීර්වාද එක්කරමින් ආගමික වැඩසටහනක් පවත්වනු ලැබීය.

ජූම්මා මුස්ලිම් පල්ලියේ ඉමාම්තුමන්ගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය කෘතඥතාවය පුද කළහ. තවද මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.

වන්නි ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව මෙවැනි වු වැඩසටහනක් සංවිධානය කිරීම මෑත ඉතිහාසයේ වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි. වවුනියාව ප්‍රදේශයේ මූස්ලිම් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම විශේෂ යාඥාවට අල් හෆීල් අමීර් ඉමාම්තුමන් (Rev Al Hafeel Amir) විසින් සිදුකරනු ලැබීය. මෙම ආගමික වැඩසටහන සඳහා මූස්ලිම් බැතිමතුන් සමඟ වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ උපදෙස් මත 211 වන බලසේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුස්ලිම් බැතිමතුන් සමඟ එක්ව මෙම ආගමික වැඩසටහන සංවිධානය කිරීමට සහයෝගය ලබාදුන්හ.

මෙම ආගමික වැඩසටහනේ දී වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම මූලස්ථානයන්හි යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතු අතර ඉන් පසුව ඉමාම්තුමන් විසින් කෙටි දේශනයක් ද සිදුකරන ලදී.

ආගමික වැඩසටහන අවසානයේ, වන්නි ප්‍රදේශයේ සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් මේජර් ජෙනරාල් පෙරේරා විසින් ඉමාම්තුමන් වෙත සමරු තිළිණයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනමනු ලැබීය. Running sports | UK Trainer News & Releases