Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2018 13:22:06 Hours

යුද්ධ හමුදා සංඥා බලකායේ සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලැබු සයිබර් ආරක්‍ෂණ - ‘Wave’ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ සන්නිවේදන හා තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මැතිතුමන් සහභාගි වීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය සඳහා දේශීය සහ විදේශීය විද්වතුන් රැසක් සහභාගිවනු ලබන අතර ඉන්දිය යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මෙන්ම කර්නල් සේනාවිධායක ලුතිනන් ජෙනරාල් රජිවු සබීර්වාල් (Lieutenant General Rajeev Sabherwal) බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ජේ.ජේ. කොලේ ඔබේ (Major General JJ Cole Obe) පකිස්තානු යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් හෆිස් උර් රේහේමාන් (Major General Hafeez Ur Rehman) බංගලාදේශ යුද්ධ හමුදාවේ 86 වන ස්වාධින සංඥා බලසේනාවේ බ්‍රිගේඩියර් ජෙනරාල් ෂේයික් මොහොමඩ් රිස්වාන් අලි (Brigadier General Shaikh Muhammad Rizwan Ali) ආචාර්ය ඉංජිනේරු චන්දන ගමගේ, WSO2 ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති ආචාර්ය සංජිව විරවරණ, චින ඉලෙක්ට්‍රෝනික් ආනයන හා අපනයන ආයතනයේ ජාල ආරක්‍ෂක විද්‍යාගාර අධ්‍යක්‍ෂ මහාචාර්ය ශායි ලිඩොංග් (Prof. Zhai Lidong), සයිබර් ආරක්‍ෂණ කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගෝ ඉන්ග් චූන් (Mr. Goh Eng Choon) ශ්‍රී ලංකාවේ CERT/CC ආයතනයේ ප්‍රධාන තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්තා, CEO, CICRA Holdings and Gaurav Agarwal ආයතනයේ කළමණාකරන අධ්‍යක්‍ෂ භුෂන දයාරත්න මහතා යන දේශකවරුන් මෙම සම්මන්ත්‍රණයේ සැසිවාරයන්හි දේශන පැවැත්වීමට නියමිතය. තවද මෙම ප්‍රදර්ශනයේ 160 කට අධික ප්‍රදර්ශන කුටි මහජනතාව වෙනුවෙන් නොවැම්බර් මස 27 සහ 28 දෙදින පුරා විවෘතව පවති. Buy Sneakers | Nike