Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2019 16:07:35 Hours

යුද්ධ හමුදා විශ්‍රාමික කාන්තා සෙබළියන්ගේ සහ පවුල්වල ආර්ථිකය නගාසිටුවීමට සහාය

5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ විශ්‍රාමික හා නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණින් සහ ඔවුන්ගේ පවුල්වලට කෘෂි ස්වයං රැකියා අවස්ථාවක් උදාකරමින් ආරක්‍ෂක අමාත්‍යංශයේ විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සුභසාධන ව්‍යාපෘතිය (කෘෂිකර්ම) සමඟ සම්බන්ධතාවයෙන් මී මැසි පාලන පෙට්ටි බෙදාදීමේ වැඩසටහනක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරන ලදී.

මෙම උත්සවය දළුකන පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා සහභාගි විය. තවද මෙම උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ (තාක්‍ෂණ) රන්සිළු වටවල මහතා, බිඟු සම්පත් සුරැකීම් සංවිධානයේ තිස්ස බණ්ඩාර මහතා, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජි.එම්.ආර්.කේ. ජයමාන්න සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් බී.එච්.එස්. ප්‍රනාන්දු සහභාගි වූහ.

මෙම ව්‍යාපෘතිය මගින් කාන්තා සෙබළියන් විශ්‍රමගැනීමෙන් පසු අතිරේක ආදායම් මාර්ගයක් ලබාදෙන අතර එමඟින් රටේ කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගත හැකිය. Best Sneakers | Sneakers