Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2018 09:39:38 Hours

යුද්ධ හමුදා වගාකරුවන් සම්මාන ලබයි

‘වස විස නැති රටක්’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට අනුව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක විසින් සංවිධානය කරනු ලැබු ‘කෘෂිකාර්මික හා එහි ඵලදායිතා පිළිවෙත්’ පිලිබඳ තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සිකුරාදා (08) දින පවත්වනු ලැබීය.

ඉදිරි වසර තුන තුල වස විසෙන් තොර දේශීය ආහාර නිෂ්පාදනයේ කඩිනම් සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘වස විස නැති රටක්’ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට ක්‍රියාවට නැංවිය.

ඒ අනුව, යුද්ධ හමුදා වගාකරුවන් වගා කටයුතු සිදුකරන අතරතුර, බෝග වගා කිරීම, පශු සම්පත් කළමනාකරණය, කෘෂි උපකරණ කළමනාකරණය සහ අදාළ ගොවිපලේහි ජල සම්පාදන ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයන සහ ප්‍රායෝගික දැනුමක් ලබාදුන්හ.

මෙහි අවසන් දේශනය සහ සහතිකපත් ප්‍රධානෝත්සවය වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

වගා කිරීමේ තරඟාවලියේ හොඳම ඒකකය ලෙස 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව තේරිපත්වූ අතර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයට සහ 143 වන බලසේනා මූලස්ථානයට පිලිවලින් දෙවනි සහ තුන්වැනි ස්ථාන හිමිවිය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශේෂඥයින් කණ්ඩායමක් ද එක්ව සිටියහ.

buy shoes | Zapatillas de running Nike - Mujer