Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් ක්‍රිඩකයා පිරිමි කේවල අංශයේ ශුරතාවලිය දිනාගනි

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ සම්බන්ධිකරණයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද මිගමුව විවෘත ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් ශුරතාවලිය සඳුදා (12) දින මීගමුවේදි පැවැති අතර එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් ක්‍රීඩා සමාජය නියෝජනය කල ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර්. ධර්මසේන විසින් කොරියානු ක්‍රිඩක සෑන්ග්-හෝ ඕ (Sang-Ho OH) පරාජයට පත් කරමින් පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදී.

මිගමුව විවෘත ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් ශුරතාවලිය පෙබරවාරි මස 9 වන දින සිට 12 දින දක්වා මිගමුවේදි පැවති අතර ඒ සඳහා ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, කොරියාව, ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රෝද පුටු ටෙනිස් ක්‍රිඩකයින් රැසක් සහභාගි විය.

දින 04 ක් පුරාවට පැවති මෙම තරඟාවලියේ දේශිය හා ‍විදේශීය ක්‍රිඩකයින් සමඟින් තරඟ වදිමින් ලැබු ජයග්‍රහණයන් හා දක්ෂතාවයන් හේතුවෙන් ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර්. ධර්මසේන හට ලොව හොදම රෝද පුටු ක්‍රිඩකයින් 100 දෙනා අතරට එක්විමට භාග්‍යය හිමි වු අතර ශ්‍රේණිගතකිරිම් වල 95 වන ස්ථාන‍ය හිමිකරගැනිමට ද සමත්විය.

වසර 28 ක යුද්ධ හමුදා ටෙනිස් ඉතිහාසය තුල යුද්ධ හමුදාව නියෝජනය කල ක්‍රීඩකයින් 2017 ජුනි මාසය වන විට කේවල අංශයෙන් ලෝක ශ්‍රේණිගතකිරිම් වල 91 වන ස්ථානය ද යුගල තරඟවලින් 41 වන ස්ථානය ද දිනා ගැනිමට සමත් වු අතර වර්තමානයේ ලාන්ස් බොම්බඩි ඩි.ඒ.එස්.ආර්. ධර්මසේන යුගල අංශයේ ලෝක ශ්‍රේණිගතකිරිම් වල 47 වන ස්ථානය ද හිමි කරගැනිමට සමත් වී ඇත.

මෙම මිගමුව විවෘත තරඟයත් සමගින් ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ රෝද පුටු අංශයේ තරඟාවලි 03 ක් ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලබන අතර පෙබරවාරි මස 14 දින සිට 17 දින දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදි විවෘත තරඟාවලියක්ද, එස්එස්සි විවෘත තරඟාවලිය පෙබරවාරි මස 18 දින සිට 21 දින දක්වාද පැවැත්වේ. මේ අතර ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ රෝද පුටු ලෝක ශුරතාවලිය සඳහා සුදුසුකම් ලැබිමට තේරිමේ තරඟාවලිය පෙබරවාරි මස 22 වන දින සිට 25 වන දින දක්වා පැවැත්විමට ද නියමිතව ඇත.

ලෝකයේ හොඳම රෝදපුටු ටෙනිස් ක්‍රිඩකයින් 100 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ද ඇතුලත්ව සිටින අතර ඉදිරියේදි පැවැත්වෙන මෙම තරඟාවලි 04 තුලින් මෙරට ක්‍රීඩකයින් හට තම දක්ෂතා වර්ධනය කරගනිමින් ලෝක ශ්‍රේණීගතකිරිම් අතරට පැමිණිම සඳහා හොඳ අවස්ථාවක් උදා කෙරෙනු ඇත. එසේම රෝද පුටු ටෙනිස් අංශයෙන් ලක් මාතාවට පැරාලිම්පික් පදක්කමක් හිමිකරදිමටත් ශ්‍රී ලාංකික ක්‍රිඩකයින් ජාත්‍යන්තර තරඟවලට සහභාගි කර ඔවුන් ජාත්‍යන්තර ක්‍රිඩා තරු බවට පත්කිරිමට ද ශ්‍රී ලංකා ටෙනිස් සංගමය බලාපොරොත්තු වේ.

Authentic Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov