Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රග්බී ක්‍රීඩකයින්ට ජය

‘රුද්‍රා රාජසිංහම් අභියෝගතා කුසලාන’ රග්බී තරඟාවලියේ ‘බී’ කොටසේ තරඟයක් යුද්ධ හමුදා රග්බී ක්‍රීඩකයින් සහ පොලිස් රග්බී ක්‍රීඩකයින් අතර බදාදා (07) දින සන්ධ්‍යාවේ තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

තරඟයේ පළමු භාගයේදී, යුද්ධ හමුදා රගබී ක්‍රීඩකයින් පහසුවෙන් ලකුණු අතරට ගියද පොලිස් රග්බී ක්‍රීඩකයින් එයට දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්විය. කෙසේ නමුත් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ කණ්ඩායම් දෙකම තරඟ වැදුණු අතර තරඟය අවසානයේ දී යුද්ධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය ලබාගැනීමට සමත්විය.

යුද්ධ හමුදා රග්බී කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම අවස්ථාවේ දී ජයග්‍රාහකයින්ට උණුසුම් සුබ පැතුම් එක් කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් ආරාධිතයින් සහ රග්බී ක්‍රීඩා ලෝලීන් රැසක් ද එක්ව සිටියහ.

Nike sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf