Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2018 - ආරක්ෂක සේවා කුසලානය දිනාගනී

2018 - ආරක්ෂක සේවා කුසලාන රග්බි තරඟාවලියේ අවසන් තරඟය අඟහරුවාදා (27) දින රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් ජයග්‍රාහී කුසලානය හිමිකරගැනීමට සමත්විය.

තරඟයේ පළමු භාගයේදී යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් පහසුවෙන් ලකුණු අතරට ගියද නාවික හමුදා රග්බි ක්‍රීඩකයින් එයට දැඩි ලෙස ප්‍රතිරෝධය දැක්වීය. කෙසේ නමුත් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ කණ්ඩායම් දෙකම තරඟ වැදුණු අතර තරඟය අවසානයේ දී ලකුණු 28 – 23 ක් වශයෙන් ලබාගනිමින් යුද්ධ හමුදා කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්විය.

ඒ අතරතුර, යුද්ධ හමුදා රග්බි ක්‍රීඩිකාවන් ද 2018 වර්ෂයේ ශුරතාවය හිමිකරගැනිමට සමත් විය. ඔවුන් මූලිකවටයේ තරඟවලදි ගුවන් හා නාවික හමුදා කණ්ඩායම් පරාජයට පත් කළහ.

ආරක්ෂක සේවා කුසලාන රග්බි තරඟාවලියේ පළමු තරඟය වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගනයේ දී බ්‍රහස්පතින්දා (15) දින පැවැති අතර එහිදි ලකුණු 29 ට 21 වශයෙන් ගුවන් හමුදා ක්‍රීඩකයින් පරාජයට පත් කරමින් තරඟයේ ජයග්‍රහණය හිමි කරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය.

රග්බි තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ජයග්‍රාහකයින් වෙත කුසලාන පිරිනැමු අතර ඔවුන්ට උණුසුම් සුභපැතුම් ද එක්කළහ.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශේෂ ආරාධිතයින් හා රග්බි ක්‍රිඩාලෝලීන් රැසක් ද එක්ව සිටියහ.

පසුගියදා පැවැති අන්තර් සමාජ ලිග් රග්බි තරඟවලියේ දී කණ්ඩායම් 14 ක් අතුරින් 6 වන ස්ථානය හිමිකරගැනීමට යුද්ධ හමුදා රග්බි ක්‍රීඩිකයින් සමත්විය.

Sports brands | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp