Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2018 21:53:50 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය දෙවැනි නිවහන වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් සමුගනි

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් වැඩිම පිරිසක් බිහි කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙ‍ජි‍මේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාව තුලින් බිහිවු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කීර්තිමත් හා සම්භාවනීය හමුදා තනතුරු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධුරයෙන් සමුගැනිමේ උත්සවය බදාදා (13) දින පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

1981 වර්ෂයේදි කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය වසර 36 ක සේවා කාලය තුලදී විවිධ තනතුරු හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙන්ම තම මව් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවටත් ආඩම්බර විය හැකි නොසැලෙන හා නොකැලැල් සේවාවක් ඉටුකරමින් අද (13) දින සිට සිය තනතුරු අතහැර විශ්‍රාම යාමට නියමිතය.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි විසින් විශ්‍රාම යන මාණ්ඩලික ප්‍රධානි හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගෞරවයෙන් පිලිගත් අතර එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් හා ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ භුමියේදි සම්මාන ආචාර පෙලපාලියක් ද පිරිනමන ලදි. අනතුරුව ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා නව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් ද එතුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගන්නා ලදී.

සිය හමුදා දිවිය තුල විවිධ වු දක්‍ෂතාවයන් දක්වමින් සාර්ථකත්වයට පත් වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ඉහළම තනතුර ද හෙබවු මේජර් ජෙනරාල් කරුණාසේකර වෙත ඔහු විසින් තම රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකරන ලද උදාර සේවයට ගෞරව දැක්විමක් ලෙස විශේෂ පීඨිකාව තුලදී රෙජිමේන්තු සුරතලා වන ‘කණ්ඩුල’ ඇත් පැටවා ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා භඨ පිරිස් විසින් ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඔහුගේ සේවයට ඇති අධිෂ්ඨානශීලි කැපවීම හා ආදර්ශමත් බව පෙන්නුම් කරමින් රෙජිමේන්තු තුර්ය වාදක කණ්ඩායමේ තුර්ය වාදන හඩ මධ්‍යයේ පෙළපාලි අණදෙන්නා සමගින් සිය කෘතවේදි ආචාරය තම රෙජිමේන්තුවට පුද කරමින් ගමන් ගන්නා ලදී.

අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භඨ පිරිස් ඇමතු මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පාබල හමුදාවේ පාබල සොල්දාදුවන් වශයෙන් මව්බිමට මුහුණ පෑමට සිදුවන ඕනෑම හදිසි තත්වයකදී වුවද දිවි හිමියෙන් මව්බිමේ ආරක්‍ෂාව සලසා දිය යුතු බැව් අවධාරණය කලහ. පැවති අයහපත් කාලගුණික තත්වය ද නොසලකමින් නික්මයන මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලද අතර සමුහ ඡායාරූප සඳහා පෙනි සිටියහ.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘සේවය කරමි’ යන ආදර්ශ පාඨයට අනුව ගමන් කරමින් වසර 36 ක නොකැලැල් හමුදා දිවියෙන් හා සිය දෙවන නිවහන වශයෙන් සැලකු පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් නික්ම යන මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙත රෙජිමේන්තුවේ සියළුම නිලධාරින් හා සෙසුනිලයින් විසින් පෙළ සැදි සිය ආචාරය පුද කරන ලදී.

Running sneakers | Nike