Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th September 2018 12:53:43 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින්ගේ නව වාර්තා රැසක් සමඟින් ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිය අධීෂඨානයන් නැවත වරක් පිළිඹිබු කරමින් ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමි කරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූ අතර තරඟාවලියේ අවසන් තරඟ සෙනසුරාදා (15) දින සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලකුණු 275 ක් ලබාගනීමින් තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකරගත්හ. නාවික හමුදාව ලකුණු 105 ක් ලබාගනීමින් අනුශුරතාවය හිමිකරගත් අතර ගුවන් හමුදාව ලකුණු 57 ක් ලබාගනිමින් තෙවන ස්ථානය හිමිකරගත්හ.

තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්පදක්කම් 34 ක් රිදී පදක්කම් 26 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් දිනාගැනීමට සමත්විය. අනුශුරතාවය හිමිකරගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්පදක්කම් 7 ක්, රිදී පදක්කම් 15 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් ලබාගත් අතර ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවුයේ රන්පදක්කම් 5 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් පමණි.

ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි වූ අතර එතුමන් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීමට ද එක්විය. අනතුරුව පැවැති වර්ණවත් සංස්කෘතික අංග සහ ත්‍රිවිධ හමුදා තුර්යවාදක කණ්ඩායම් සංදර්ශන සමඟින් 10 වන ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 සාර්ථකව නිමාවට පත්විය.

මෙම තරඟාවලියේ දී දුර පැනීමේ ඉසව්වේ මීටර 8.07 ක දුරක් පනීමින් ප්‍රසාද් විමලසිරි සහ මීටර් 400 දීවිමේ තරඟය තත්ත්පර 53.03 වැනි කෙටි කාලයකින් නිමා කරමින් පිරිමි සහ කාන්තා අංශයේ දක්‍ෂතා දැක්වූහ.

තරඟාවලියේ පිටියේ ඉසව්වන්ගේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ප්‍රසාද් විමලසිරි තේරිපත්වූ අතර තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.58 ක් පැන නව වාර්තාවක් හිමිකරගැනීමට විදුෂා ලක්ෂානි සමත්විය.

මීටර් 800 ධාවන ඉසව්ව විනාඩි 1.48.00 ක කාලසීමාවක් තුල නිමා කරමින් ඉන්දුනිල් හේරත් නව තරග වාර්තාවක් ද සටහන් කරමින් හොඳම ධාවන ඉසව් සඳහා හිමි සම්මානය දිනාගත්හ.

තරඟාවලියේ ප්‍රතිඵල සාරංශයක් පහතින් දැක්වේ;

නව ශ්‍රී ලංකා වාර්තා:

සප්තප්‍රයාම ලක්ෂිකා සුගන්දි (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව)

නව තරඟ වාර්තා : 15

පිරිමි - 08

මිටර් 800 : ඉදුනිල් හේරත් (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 1:48.00

මිටර් 3000 : පුෂ්පකුමාර ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 9:04.52

රීටි පැනීම : සඳරුවන් ( ශ්‍රී ලංකා ගුවන් හමුදාව) 5.00

තුම්පිම්ම පැනීම : ජයසිංහ අයිඩිඑස්එස් (ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 16.25

කවපෙත්ත විසිකිරීම : කේපිජියු ජයවර්ධන ( ශ්‍රී ලංකා නාවික හමුදාව) 54.33

හෙල්ල විසිකිරීම : සුමේද රණසිංහ ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 78.11

දසප්‍රයාම : අජිත් කුමාර ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) ලකුණු 6961්‍

මීටර 4x400 : ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 3:39.11

කාන්තා - 07

මීටර් 400: නදිෂා රත්නායක ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 53.03

මීටර් 100 කඩුලු : ලක්ෂිකා සුගන්දි ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 14.08

මීටර් 400 කඩුලු : දුලානි ජිඒඑස් ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 59.83

රීටි පැනීම : හෂිනි පෙරේරා ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 3.40

තුම්පිම්ම පැනීම : විදුෂා ලක්ෂානි ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 13.58

කවපෙත්ත විසිකිරීම : පිඒඅයිඑම්පි පෙරේරා ( ශ්‍රී ලංකා නාවික හමුදාව) 44.36

සප්තප්‍රයාම : ලක්ෂිකා සුගන්ධි ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව) 4911 Nike Sneakers | New Balance 991 Footwear