Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා භටපිරිස් කඩාවැටුණු ගල් සහ පස් ඉවත් කර දුම්රිය ගමනාගමනය නැවත යථා තත්ත්වයට පත් කරයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පස් කදු කඩාවැටීම් සිදුවෙමින් පවතින අතර කොළඹ - බඳුල්ල දුම්රිය මාර්ගයේ ‘ආරුක්කු පාලම’ අසල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටි දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය. මෙම හදිසි තත්ත්වය පිළිබඳ සැළවූ වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි භටපිරිස් ඉකුත් සෙනසුරාදා (21) දින දුම්රිය මාර්ගයට කඩා වැටි තිබුණු පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතවිය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානයට කඩිනමින් පැමිණ දුම්රිය මාර්ගයට වැටි තිබුණු පස් සහ ගල් ඉවත් කර දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කරලීමට සමත් විය. Sports News | Nike for Men