Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st February 2018 21:54:54 Hours

යුද්ධ හමුදා භට පිරිස්හි මුලිකත්වයෙන් හිඟුරක්ගොඩ ‘චන්දන පොකුණ’ වැවේ පිරිසිදු කිරිම් සහ අළුත්වැඩියා කටයුතු අරඹයි

මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශවාසින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන‘චන්දන පොකුණ’ වැව පිරිසිදු කිරිම හා අළුත්වැඩියා කටයුතු ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන් සමග 200 කට වැඩි යුද්ධ හමුදා සමාජිකයන් විසින් පසුගිය බදාදා (31) දින ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරතව හැකි උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් පරිදි මෙම වැවෙහි පිරිසිදු කිරිම හා අළුත්වැඩියා කටයුතු සඳහා යුද්ධ හමුදා භට පිරිසක් යොමුකරවන ලදි.

මෙම ‘චන්දන පොකුණ’ වැව පුරාණ රජ දවසේ සිට පැවැතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයනු ලබයි. මෙමගින් ප්‍රදේශයේ පවුල් 325 කට වැඩි ප්‍රමාණයක් තම ජල අවශ්‍යතාවයන් සහ සනිපාරක්ෂක කටයුතු ඉටු කරගනි. තවද,වසර 20 ක පමණ කාලයක් තිස්සේ බලධාරින්ගේ අවධානයට යොමුනොවිම හේතුවෙන් විවිධ පාසි සහ ජලජ පැළෑටිවලින් ග්‍රහණව පැවති අක්කර 42.2 ක වපසරියකින් යුත් මෙම වැව පත්ව ඇති අවාසනාවන්ත තත්වය සම්බන්ධව ගම්වැසියන් විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කරන ලදී.

ඒ අනුව, යුද්ධ හමුදාධිපති තුමන්ගේ මඟපෙන්විම මත ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දරගේ අධික්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයින් සහ යුද්ධ හමුදා භට පිරිස් විසින් බදාදා (31) දින විවිධ පාසි සහ ජලජ පැළෑටිවලින් ග්‍රහණව පැවති මෙම වැව පිරිසිදු කිරිමේ කටයුතු ඇරඹි අතර නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා යන්ත්‍ර සුත්‍ර ද මේ සඳහා යොදා ගන්නා ලදී.

මෙම වැව පිරිසිදු කිරිමෙන් හා අළුත්වැඩියා කටයුතු නිමකිරිමෙන් පසු වැවේ පරිමාණය තවදුරටත් විශාල වන අතර එමගින් වැසි ජලය එකතු කිරිමෙන් ඕනෑම නියං තත්වයකදි වුවද වගා බිම් අක්කර දහස් ප්‍රමාණයක් සඳහා ජලය සැපයිමට හැකියාව ඇතැයි විශ්වාසය පල කෙරේ.

රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමිය ජනතාවගේ ආර්ථීක තත්වය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීමමගින් ග්‍රාමිය අංශයේ සමෘද්ධිය හා සංවර්ධනය තුලින් සෞභාග්‍යමත් නව යුගයක ආරම්භය සඳහා ආරක්ෂක හමුදාවන්හි සහයෝගය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපේක්ෂා කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ග්‍රාමිය නායකයින් සහ ගම් මට්ටමේ අනෙකුත් පාර්ශ්වකරුවන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ යුද්ධ හමුදා ඉංජිනේරුවන්, ඉංජිනේරු සේවා බලකාය සහ ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, නාවික සහ ගුවන් හමුදා භට පිරිස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07 ක පාසල්, ආගමික ස්ථාන, රජයේ වෛද්‍ය ආයතනයන්, ඓතිහාසික සිද්ධස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා සංකිර්ණ, වැව් ප්‍රතිසංස්කරණ වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදුකරන අතර වින රජයේ ආධාර ඇතිව සිදුකරනු ලබන විශේෂිත ව්‍යාපෘතින් සඳහා ද දායකත්වය දක්වයි.

මෙම ‘චන්දන පොකුණ’ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාව සඳහා ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන විජේසුන්දර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් ආයතනවල නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

Running sports | Nike for Men