Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2018 14:30:31 Hours

යුද්ධ හමුදා භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී මොණරාගල නගරයේ ඇති වූ ගින්න මැඩපවත්වයි

මොණරාගල නගර මධ්‍යයේ වෙළඳ සංකීර්ණයක සඳුදා (21) දින අලුයම 1.50 ට පමණ ඇතිවූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනාවේ භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක විය.

මොණරාගල නගර මධ්‍යයේ පිහිටා ඇති වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක සිදුවූ විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන තිබු අතර මේ පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අවට ගොඩනැගිලිවලට ද පැතිරෙමින් තිබු ගින්න කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ඇතිවී ඇති හදිසි ආපදා තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මොණරාගල පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 121 බලසේනාවේ භට පිරිස්, ගිනි නිවීමේ ඒකකය සහ පොලිසිය සමඟ එක්ව යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

ගින්න පිළිබඳ සැලවූ වහාම ‘උමා ඔය’ ව්‍යාපෘතියේ ගිනි නිවීමේ රථ කිහිපයක් ද සහයෝගය සඳහා මෙම ස්ථානයට පැමිණි අතර යුද්ධ හමුදා භට පිරිස් ක්‍ෂණිකව ක්‍රියාත්මකවීම හේතුවෙන් නගරයේ අනෙකුත් වෙළඳ සැල්වලට ද ගින්න පැතීරයාම වැලක්වා ගැනීමට හැකිවිය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්‍ෂණය යටතේ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති සහ එම සේනාංකයේ භට පිරිස් ක්‍ෂණිකව එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබීය.

Best Authentic Sneakers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ