Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th April 2018 16:08:27 Hours

යුද්ධ හමුදා භට පිරිස් මැදිරිගිරිය ‘අරුණ’ වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කරයි

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේ නිරත හමුදා භට පිරිස් විසින් ‘රජරට නවෝදය’ වැඩසටහන යටතේ වන "පිබිදෙමු පොලොන්නරුව" දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ‘අරුණ’ වැව පිරිසිදු කිරිම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරිම බ්‍රහස්පතින්දා (19) දින ආගමික වතාවත් මධ්‍යයේ ආරම්භ කලහ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් මෙම වැව දිර්ඝ කාලයක් මුළුල්ලේ සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති අතර, ඇළවේලි හෝ බෝක්කු ආදිය සොයා ගැනීමට නොහැකිවන ලෙස අධික ලෙස රොන් මඩ තැන්පත් වී වැව පුරා පඳුරු ශාක ඝනව ව්‍යාප්තව තිබින.

‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ගේ අධීක්ෂණය යටතේ භට පිරිස් විසින් බරවාහන යොදා වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර, මෙම වැව අතීතයේ ගොවීන් දහස් ගණනකට කෘෂි කාර්මික කටයුතු සදහා ජලය සපයා ඇති නමුදු ජලය සිඳී ගොස් ඇති මෙම වැව දැනට අතහැර දමා ඇත.

Running sports | adidas Yeezy Boost 350