Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2018 20:50:57 Hours

යුද්ධ හමුදා භට පිරිස් උඩුබද්දෑව ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සලසයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිබිළදෙණිය, දුනකදෙණිය, උඩදෙණිය, මීගහපැලැස්ස සහ පොල්ගහාගර යන ප්‍රදේශයන් හී ඉරිදා (10) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 143 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් කඩිනමින් යොදවනු ලැබීය.

හදිසියේ ඇතිවූ සූළි සුළං තත්ත්වය පිළිබඳ සැලවීමත් සමඟ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පාලිත පෙරේරාගේ අණදීම යටතේ යුහුසුළුව ක්‍රියාත්මක වූ භට පිරිස් කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් පීඩාවට පත් ජනජිවිත නැවත යථා තත්ත්වයට පත් කරලීම සඳහා කටයුතු කළහ.

14 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් කඩා වැටුණු ගස් සහ සුන්බුන් ඉවත් කරමින් පීඩාවට පත් ප්‍රදේශයන්හි ජනජීවිතය යථා තත්ත්වයට පත් කළහ.

මේ අතර,කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා 532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසුන්දර ගේ උපදෙස් මත එම බලසේනාව යටතේ සේවයේ නියුතු 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් යොදවනු ලැබීය.

Sports Shoes | Nike Shoes