Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2018 17:03:30 Hours

යුද්ධ හමුදා භට පිරිස් ආපදා සහන කටයුතුවල

සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භඨ පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන සේවා කටයුතු වල නිරත විය.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් යුද්ධ හමුදා භට පිරිස් 50 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුකෙන්ද සහ දික්ලන්ද යන හානි වු ප්‍රදේශවල සුන්බුන් ඉවත්කිරිමේ කටයුතු වල නිරතව සිටි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි නිරත යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් සහන සේවා ආයතන කාර්ය මණ්ඩලයන් හා එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවු ආපදා තත්වයේදී සහන සේවා කටයුතුවල නිරතව සිටි.

වැටුණු ගස් සහ අතු කඩා වැටිම් හේතුවෙන් අවහිර වු මහා මාර්ග යථා තත්වයට පත්කරගැනිමට මේ වන විට භට පිරිස් සමත් වී ඇත.

latest Nike release | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys