Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2017 17:31:00 Hours

යුද්ධ හමුදා බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සංචාරක සිංගප්පූරු සිසුන්ගේ පැසසුමට

දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු සිංගප්පූරුවේ රැෆල්ස් ආයතනයේ (Raffles Institute) ශිෂ්‍ය කණ්ඩායමක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් සිදුකරන ලද ඉල්ලීමකට ලැබූ අවසරය අනුව කොක්කුතුඩුවායි උතුරු ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් බිම්බෝම්බ ඉවත්කරන අයුරු අඟහරුවාදා (21) දින නිරීක්‍ෂණය කරන ලදි.

එයිට්කන් ස්පෙන්ස් සංචාරක පුද්ගලික ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම ශ්‍රී ලංකා සංචාරයට අයත් සිසුන් කණ්ඩායමට සිංගප්පූරු සිසුන් 56 ක්, ගුරුවරුන් හයදෙනෙකු සහ සංචාරක මගපෙන්වන්නන් දෙදෙනකු අයත්වූ අතර, යුද්ධ හමුදාව විසින් දෑත් ආධාරයෙන්, යාන්ත්‍රික ක්‍රම භාවිතයෙන් සහ බෝම්බ හඳුනාගන්නා සුනඛයින් මගින් බිම්බෝම්බ වැලලූ ස්ථානවල වෘත්තීයමය ලෙස බිම්බෝම්බ ඉවත්කරන අයුරු ඔවුන් විසින්ම නිරීක්‍ෂණය කරන ලදි. මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිසුන් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට බෝම්බ ඉවත්කිරීම සිදුකරන අයුරු සංදර්ශණාත්මකවද ඉදිරිපත් කරන ලදි.

ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න වෙනුවෙන් 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එන්.කේ.බි.එස්. ජයසේකර පැමිණ සිටි සිසුන් පිරිස ඇතුලත් කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර, අනතුරුව ඔවුන්ට මානුෂීය බිම්බෝම්බ ඉවත්කිරීමේ ක්‍රියාදාමය සංදර්ශණාත්මකව පෙන්වා දෙන ලදි.

විදේශීය සිසුන් ඇතුළු සංචාරක කණ්ඩායම මෙහිදී බිම්බෝම්බ ඉවත්කිරීමේ යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහදව කතාබහ කරමින් ඔවුන් තුල තිබූ ගැටළුද පැහැදිළි කරගන්නා ලදි.

වර්ෂ 2020 වන විට බිම්බෝම්බවලින් තොර රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙහිලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන සුවිශේෂී මෙහෙවර මෙහිදී විදේශීය කණ්ඩායමේ පැසසුමට ලක්විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩඩ්ලි වීරමන් මෙම විදේශීය සංචාරක සිසුන් බිම්බෝම්බ ඉවත්කිරීමේ ප්‍රදේශවල සිදුකළ සංචාරය වෙනුවෙන් උපදෙස් ලබාදී තිබුණි.

Authentic Nike Sneakers | Nike Off-White