Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2018 16:50:56 Hours

යුද්ධ හමුදා ජූඩෝ තරඟාවලිය - 2018 හී ශූරතාවය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය - 2018 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් සිකුරාදා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙවර අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරඟාවලිය ‘කණ්ඩායම්’ සහ ‘ඒකල’ ඛණ්ඩ වශයෙන් එක් එක් බර පන්ති යටතේ පැවැත්විණි.

නොවැම්බර් මස 25 දින සිට 30 දින දක්වා පැවැත්වුණු මෙවර තරඟාවලිය සඳහා රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් සී.යු. මාරසිංහ ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි විය.

සමස්ථ තරඟාවලියේ ශූරතාවය සහ කණ්ඩායම් ඉසව් ශූරතාවය හිමිකරගැනිමට ලකුණු 46 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ක්‍රීඩකයින් සමත්වූ අතර ලකුණු 19 ක් ලබාගනිමින් තරඟාවලියේ අනුශූරතාවය හිමිකරගැනිමට ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත්විය.

එමෙන්ම, අධූනික අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය විසින් හිමිකරගත් අතර අනුශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය. ආධූනික අංශයේ කණ්ඩායම් ශූරතාවය හිමිකරගැනීමට ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සමත්විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. affiliate link trace | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ