Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2018 20:43:31 Hours

යුද්ධ හමුදා චෙස් තරඟාවලිය - 2018 සාර්ථකව නිමාවට

යුද්ධ හමුදා ‘අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරු චෙස් තරඟාවලිය - 2018’ හි ත්‍යාග ප්‍රදානෝත්වය සහ සමාප්ති උළෙල සිකුරාදා (02) දින කොළඹ 02, ආරක්ෂක සේවා විද්‍යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුව විසින් සංවිධානය කරනු ලබන ‘අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරු චෙස් තරඟාවලිය - 2018’ හී මූලික තරඟවටයන් දෙසැම්බර් මස 29 සිට ජනවාරි මස 4 දින දක්වා ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගරයේ සහ පාන්ගොල්ල,‘අභීමන්සල 3’ හිදි පවත්වනු ලැබීය.

දෘෂ්‍යාබාධිත සහ තුවාල ලැබූ ආබාධිත රණවිරුවන් ද ඔවුන්ගේ කුසලතාවයන් දක්වමින් තරඟ සඳහා සහභාගිවීම මෙම තරඟාවලියේ සුවිශේෂිත්වයක් විය.

කාණ්ඩ තුනක් යටතේ පැවති තරඟාවලියේ දී 2018 අන්තර් රෙජිමේන්තු චෙස් පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාවය දෙකම ශ්‍රී ලංකා සංඥා බලකායට ද ආබාධිත අංශයේ ජයග්‍රහණය ‘අභිමන්සල 3’ හී ආබාධිත රණවිරුවන් විසින් ද හිමි කරගන්නා ලදි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි විය.

මීට දින කිහිපයකට පෙර ඇතුගල්පුර දීපුරා දින හතරක් පවත්වන ලද ජාත්‍යන්තර මට්ටමේ ‘වෙළඳ සහ රාජ්‍ය අංශ’ චෙස් තරඟාවලියේ දී යුද්ධ හමුදා චෙස් කණ්ඩායම දිවයිනේ අනෙකුත් චෙස් කණ්ඩායම් 34 ක් අභිබවා යමින් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්විය. එම තරඟාවලියඇතුගල්පූර නයිට් ෆ්ලේම් චෙස් සමාජය (Knight Flame Chess Club) සංවිධානයෙන් කුරුණැගල බ්ලූ ස්කයි හෝටලයේදී (Blue Sky Hotel) පැවැත්විණි.

ජයග්‍රහකයින් පහතින් දැක්වේ ;

ඒකළ පිරිමි තරඟයේ ශූරතාවය - සංඥා සෙබල එල්.ඩි මදුසංක (5 ශ්‍රීලංසංබ)

ඒකළ පිරිමි තරඟයේ අනුශූරතාවය - කපිතන් ඩබ්ලිව්.වී එන් විමලදේව (ශ්‍රීලංසංබ)

ඒකළ කාන්තා තරඟයේ ශූරතාවය - සංඥා සෙබල කාන්තා ඩබ්ලිව්.ඒ.එස් වරකාපොල (11 ශ්‍රීලංසංබ)

ඒකළ කාන්තා තරඟයේ අනුශූරතාවය - සංඥා සෙබල කාන්තා ජේ.අයි.එම් අලිවිස් (11 ශ්‍රීලංසංබ)

url clone | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5