Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2018 16:16:30 Hours

යුද්ධ හමුදා ගෞරව ආචාර සහ උණුසුම් පිළිගැනීම් මැද නේපාල යුද්ධ හමුදා ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, සංචාරයේ පළමු අදියර ලෙස බ්‍රහස්පතින්දා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) හමුදා සම්ප්‍රදායානුකුලව මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි හා විධායක ජෙනරාල් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එහිදි කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත පිරිනැමු අතර, ආචාර සම්මාන පෙළපාලියේ අණදෙන්නා කැටුව නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ආචාර සම්මාන පෙළපාලිය පරික්ෂාවට ලක් කරන ලදි.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණි සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත හදුන්වාදෙනු ලැබීය.

එම සුහද හමුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) අතර ද්වීපාර්ශවීක වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා නේපාල යුද්ධ හමුදා මධ්‍ය නැගෙනහිර සේනාංකාධිපති (Mid Eastern Division Commander) මේජර් ජෙනරාල් ඉෂ්වර් හමාල් (Major General Ishwar Hamal) ද එක්ව සිටියහ.

මෙහිදි, ජාතිය ගොඩනැගීමේහිලා දෙරටේ හමුදාවන් හි දායකත්වය, ජාතික ආපදා වැනි ඕනෑම මහා පරිමාණ ව්‍යසනයන් සඳහා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම මෙන්ම පුහුණු අවස්ථාවන් සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පිළිබඳ සහයෝගීතාවය වැනි මාතෘකා සාකච්ඡා කරනු ලැබීය. එසේම සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වූ රටට දරුණු ලෙස බලපෑ භූමිකම්පාවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද ක්ෂණික සහන කටයුතු ඉහළ මට්ටමක පැවති බව ද අවධාරණය කරන ලදි.

මෙම සාකච්ඡාව අවසානයේ දී දෙරටේ යුද්ධ හමුදා ප්‍රධානීන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු වූ අතර, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි ඇතුලු සංචාරක නේපාල යුද්ධ හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සමූහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා මූලස්ථානයෙන් නික්ම යෑමට ප්‍රථම හමුදා ලේකම් කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබූ අතර, එතුමන්ගේ වැඩසටහනට අනුව අද දින ගුවන් හමුදාධිපති සහ නාවික හමුදාධිපති ද හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා හමුවීමට නියමිත අතර, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ ත්‍රිකුණාමලේ පිහිටි 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කිරීමට ද නියමිතය.

සංචාරක නේපාල දුත පිරිසට රිටා චෙත්‍රි මහත්මිය (Mrs Rita Chhetri), නේපාල යුද්ධ හමුදා මධ්‍ය නැගෙනහිර සේනාංකාධිපති (Mid Eastern Div Commander) මේජර් ජෙනරාල් ඉෂ්වර් හමාල් (Major General Ishwar Hamal), නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ නියෝජ්‍ය හමුදා සහායක කර්නල් අනුප් ජුංග් තාපා (Colonel Anup Jung Thapa), මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් රාජරම් බේද්නට් (Lieutenant Colonel Rajaram Badnet), හමුදාපති අධි සහායක ලුතිනන් ශිරියා රායමිජ්හි (Lieutenant Sreya Rayamajhi), බළලත් නිලධාරි II බ්‍රින්දා තාපා (Brinda Thapa) ඇතුළු සිවිල් සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ.

Adidas footwear | Marki