Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2018 17:44:50 Hours

යුද්ධ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් විශ්‍රාම දිවියට

වසර 69 ක ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සම්ප්‍රදායිකව දිස්වෙන පිළිවෙතින් තරමක් බැහැරවෙමින් සිකුරාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරේ වසර 3 කට ආසන්න කාලයක් රාජකාරි ඉටුකර විශ්‍රාම යන ගැමුණු හේවා බලකායේ බළලත් නිලධාරි I ඒ.එච්.එම්.එන්. ජයරත්න වෙත ඔහුගේ සේවය අගයමින් හමුදා ගෞරව ආචාර පිළිගැන්වීමක් සිදු කළහ. යුද්ධ හමුදා මූලස්ථානයේ සෙසුනිලයින් අතරින් ජ්‍යෙෂ්ඨයා වන යුද්ධ හමුදා මූලස්ථාන රෙජිමේන්තු සැරයන් මේජර්වරයෙකුට ඔහුගේ කීර්තිමත් සේවය අගයමින් ගෞරව ආචාර දැක්වීම වර්තමාන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලදි.

සංඛ්‍යාත්මකව සියගණනක් වූ යුද්ධ හමුදා මූලස්ථාන සෙසුනිලයින් වෙනුවෙන් වගකීම් දැරූ ගැමුණු හේවා බලකායේ බළලත් නිලධාරි I ඒ.එච්.එම්.එන්. ජයරත්න ඉහළ පිළිගැනීමක් සහිතව විශ්‍රාම යන අවස්ථාව වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ අවුරුදු 3 ක සේවා කාලයක් සපුරා තිබුණි.

යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරේ රාජකාරි ඉටුකොට විශ්‍රාම යන මෙම බළලත් නිලධාරි I වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලියක් යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 624 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පනාගොඩ 6 වන කාලතුවක්කු ‍රෙජිමේන්තු මූලස්ථාන සරඹ පිටියේ දී පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුවන් නියෝජනය කරමින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගෙන් සමන්විත අභිමානවත් ආචාර සම්මාන පෙළපාලියක් මෙසේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ඉතිහාසයේ ප්‍රථම වරට ඔහු වෙනුවෙන් පිරිනමන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සරඹ භූමියට සපැමිණි විශ්‍රාම යාමට නියමිත බළලත් නිලධාරි I ඒ.එච්.එම්.එන්. ජයරත්න, දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සැරයන් මේජර් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි I ඩබ්ලිව්.ඉ.එන්.සී. මෙන්ඩිස් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

විශ්‍රාම යාමට නියමිත බළලත් නිලධාරි I ඒ.එච්.එම්.එන්. ජයරත්න වෙත පිරිනැමු හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ අණදෙන්නා ලෙස යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි I ඩබ්ලිව්.එම්. වීරසිංහ කටයුතු කළ අතර, පෙළපාලියේ සරඹ උපදේශක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි I එම්.එල්. ලොකුලියනගේ කටයුතු කළහ.

පෙළපාලිය ඇමතු, විශ්‍රාම යන රෙජිමේන්තු සැරයන් මේජර්වරයා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් මෙසේ සම්මාන පෙළපාලියක් පුද කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ ස්තූතිය ප්‍රකාශ කළහ. තවද වර්ෂ 2015 සිට 2018 දක්වා අවුරුදු 03 ක කාලසීමාව තුල යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙස කටයුතු කිරීමට ලබාදුන් සහාය වෙනුවෙන් සියලුම සෙසුනිලයින්ට මෙහිදි ඔහු විසින් තම කෘතඥ පුර්වක ස්තුතිය පිරිනමන ලදි. පනාගොඩ දී පැවැති මෙම උත්සවයට බළලත් නිලධාරි I සමගින් ඔහුගේ බිරිඳ වූ ඒ.එච්.එම්.එන්. ජයරත්න මහත්මිය ද සහභාගි වුහ.

තවද, නව යුද්ධ හමුදා මූලස්ථාන සැරයන් මේජර් වශයෙන් සිකුරාදා (19) දින සන්ධ්‍යාවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ වැඩ භාරගන්නා ලද අතර, එම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ බළලත් නිලධාරිවරුන් සහ සෙසුනිලයින් රැසක් සහභගි විය.

මේ අතර,විශ්‍රාම යන රෙජිමේන්තු සැරයන් මේජර්වරයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා අද (19) දින පස්වරුවේ දී යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනයෙන් ගෙන්වා අදාළ බළලත් නිලධාරි I ඔහුගේ සිය 25 වසරක සේවාකාලය දී යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටු කරන ලද සේවය ඇගයීමට ලක් කරන ලදි. ඉන් අනතුරුව, විශ්‍රාම යන බළලත් නිලධාරි I වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ද පිළිගන්වමින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ අනාගත වැඩ කටයුතු වෙනුවෙන් සුභාශීංසන ද පිරිනමන ලදි.

Best Sneakers | Women's Nike Superrep